lan englan tam

C Chatඑක

"වෙබ් සයිට් හරහා අතිශය පෞද්ගලික ජීවිතය එළියට දාන්න තරම් මං මෝඩ නෑ"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

මේ දවස්‌වල අනුඡ්ගේ නම සඳහන්ව වෙබ් අඩවිවල පළවෙන කතා ගැන මොකද කියන්නේ?

ම්..මෙහෙමයි. ඕවා ගැන මම කතා කරන්න කැමැති නෑ. මීට කලින් ඒ ගැන අදහස්‌ පළකරන්න මට ඕනකමක්‌ තිබ්බා. නමුත් ඒ දේවල් බලද්දී මම දැකපු එකම දේ තමයි ඒ ගොසිප් වලට සාමාන්‍ය මිනිස්‌සු අදහස්‌ පළකරලා තිබීම. ඒ අදහස්‌ දැක්‌කහම මට හිතුනා ඒ දේවල් ගැන මම ආයේ කතා කරන්න කිසිම අවශ්‍යතාවක්‌ නැති බව.

මිනිස්‌සු ඇත්ත මොකක්‌ද බොරුව මොකක්‌ද, මොකක්‌ද වෙලා තියෙන්නේ කියන දේ තේරුම් අරගෙන තියෙනවා. කවුරුහරි යකඩ කෑල්ලක්‌ පෙන්නලා මේක රත්තරං මේක රත්තරං කියලා කොච්චර කෑ ගැහුවත් ඒක රත්තරන් නෙමෙයි යකඩ කියලා මිනිස්‌සු දන්නවා. ඉතිං ඒ සාමන්‍ය අයගේ අදහස්‌ ඔක්‌කොම කියෙව්වට පස්‌සේ මම තේරුම් ගත්තා නිහඬව සිටීම හොඳයි කියලා. අනික මං ඉගෙනගත්ත කෙනෙක්‌, මොළයක්‌ තියෙනවා. මේ වගේ වෙබ්සයිට්‌, ගොසිප් සයිට්‌ හරහා තමුන්ගේ අතිශය පෞද්ගලික ජීවිතය එළියට දානවා කියන්නේ ඒක තමන්ට විතරක්‌ නෙමෙයි අම්මා තාත්තා දරුවෝ ඉන්නවා නං ඒ හැම කෙනකුටම කාලයක්‌ යනකං ඒක බලපානවා. එහෙම තැනකට වැටෙන්න තරං මං මෝඩයෙක්‌ වෙන්න ඕන නැහැ කියන තැන ඉන්නවා. ඉතිං ඒකයි මට කිසිදෙයක්‌ කියන්න වුවමනාවක්‌ නැති වුණේ. මිනිස්‌සු ඇත්ත දන්නවා. ආයේ මේක යකඩ කිය කිය මට පෙන්නන්න වුවමනාවක්‌ නැහැ. ඉතිං ඒ හින්දා මං නිහඬව මගේ වැදගත්කම පෙන්නගෙන ඉන්නවා.

පෙම්වතිය කවුද?

පෙම්වතියක්‌ නැහැ. හැමදාම මං ආදරය කරපු මනුස්‌සයෙක්‌. මං ආදරය කරන මගේ වටේ ඉන්න කීපදෙනෙක්‌ ඉන්නවා, ඒ තමයි මගේ අම්මා තාත්තා ඇතුළු කීප දෙනෙක්‌. පෙම්වතියක්‌ කියලා විශේෂ කෙනෙක්‌ නැහැ. දැනට එහෙම වුවමනාවකුත් නැහැ. එහෙම දෙයක්‌ ඇතිවෙනවා නං මං දැන් ඉන්න තත්ත්වයේ හැටියට ඒක විවාහය කරා යන සම්බන්ධයක්‌ වෙන්න ඕන. ඉතිං මේ වෙලාවේ විවාහය කරා යන සම්බන්ධයක්‌, ගැන මං හිතලා නැහැ. හොඳ කෙනෙක්‌ව හම්බවෙනකන් සහ ටික කාලයක්‌ ගන්නවා මං ඒ කාරණාවට. මිනිස්‌සුන්ව තේරුම් ගන්න කල් යනවා. ඉතිං කාලෙත් එක්‌කම ඒ දේවල් සිද්ධ වෙයි.

වෙබ් අඩවිවල ඔබේ පෙම්වතිය කියල නමක්‌ සඳහන් වෙනවා මේ කතාවේ ඇත්ත නැත්ක මොකක්‌ද?

ඔය වගේ කට කතා කීපයක්‌ හැදුනා. ඉස්‌සරහට චිත්‍රපටයක්‌ එන්න තියෙනවා එතකොටත් තව කට කතාවක්‌ හැදෙයි. මේ වගේ කටකතාවක්‌ චිත්‍රපටය තිරගත වුණ වෙලාවෙත් ලොකුවට හැදුනා. එහෙම තැනක තමයි ඔය කතාවත් තියෙන්නේ. එහෙම දෙයක්‌ තියෙනවාද නැති ද කියලා කාලයත් එක්‌ක තේරෙයි. අපි බලමු ඉතිං මේක කොයි ආකාරයට වෙයි ද කියලා.

අනුඡ්ට ගෙදරින් කියන්නේ නැද්ද දැන් විවාහ වෙන්න කියලා?

කියනවා...කලින් නං එහෙම බලපෑමක්‌ කළේ නෑ. හැබැයි දැන් නං කියනවා, මොකද අම්මා එහෙම අදහසක තමයි ඉන්නේ. හැබැයි ඒ දේවල් වලට තව ටික කාලයක්‌ යයි. මොකද මමත් ක්‌ෂේත්‍රයට ආව විතරයි. ඉදිරියට කරන්න ගොඩක්‌ දේවල් තියෙනවා. තව වසර කිහිපයක්‌ යනකං මේ විදිහටම ඉඳීවි.

යුගන්ති යශෝදරා  

Back to top
Go to bottom

Popular News