lan englan tam

අතන මෙතන

‘පළිඟු බෝනික්කෝ“ ගාල්ල නගර සභා ශාලාවේ දී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

හෙන්රි ජයසේන පරිවර්ථනය කළ ‘‘පළිඟු බෝනික්කෝ“ නාට්‍යය ගාල්ල අධ්‍යාපන කලාපයේ නාට්‍ය හා රංග කලාව විෂය ඉගැන්වීමේ යෙදෙන ගුරුවරුන් සමූහයක් එක්ව යළි නිර්මාණය කර මැයි 29 හා 30 ගාල්ල නගර සභා ශාලාවේ දී වේදිකාගත කෙරේ.

මෙම නාට්‍යය ඇමෙරිකානු ජාතික ටෙනිසි විලියම්ගේ "The Glass Menagerie" නාට්‍යෙය් සිංහල පරිවර්ථනයයි. ගාල්ල මහින්ද විද්‍යාලයේ නාට්‍ය හා රංගකලා ආචාර්ය රණසිංහ අධිකාරී මහතාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වී ඇති මෙහි රංගනය, පසුතල නිර්මාණය, රංගාලෝකය, අංගරචනය, වේෂ නිරූපනය ආදී සියල්ල සඳහා දායකවන්නේ ගාල්ල අධ්‍යාපන කලාපයේ නාට්‍ය හා රංගකලා ගුරුවරුන් වීම විශේෂත්වයකි.

එලෙස නාට්‍ය හා රංගකලා ගුරුවරුන්ගේ දායකත්වයෙන් නාට්‍යයක් නිර්මාණයවන පළමු අවස්ථාව මෙයයි.

මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණී ජයවර්ධන හා අධ්‍යාපන කලාපයේ සහකාර සෞන්දර්ය අධ්‍යක්ෂිකා භාග්‍ය මලල්ගොඩ මෙම ගුරු නිර්මාණ කාර්යයේ දී උපදේශකවරුන් ලෙස කටයුතු කරති.

Back to top
Go to bottom

Popular News