lan englan tam

අතන මෙතන

‘සයිබර් සල්ලාපය’

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

“සයිබර් සල්ලාපය” ලේඛක-පාඨක සුහද හමුව අගෝස්තු මස 13 වැනිදා උදැසන 9 සිට කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

සයිබර් අවකාශයේ සාහිත්‍යකරණයට ඉඩහසර සලසා දෙන Book Lunatics පාඨක සමාජය මෙය සංවිධානය කොට ඇත.

සාහිත්‍යයේ විවිධ කොටස් ආවරණය වන පරිදි ලේඛක ලේඛිකාවන් දස දෙනෙක් ප්‍රධාන වශයෙන් සල්ලාපය සඳහා සහභාගී වීමට නියමිතයි. බටුවන්ගල රාහුල හිමි, චන්දන මෙන්ඩිස්, දිලීප ජයකොඩි, කත්‍යානා අමරසිංහ, සුසිත රුවන්, ප්‍රභාත් මිරිහාගල්ල, ලසිත රවීන් උමගිලිය, නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්, කාංචනා ප්‍රියකාන්ත සහ සහන් කසීර වික්‍රමසිංහ ඇතුළු සාහිත්‍යවේදීන් රැසක් මේ සඳහා එකතු වනු ඇත.

පාඨකයන්ට තම සිත්ගත් ලේඛකයන් සමග සුහද කතාබහකට අවකාශය සලසා දීමටත් එදිනට සහභාගී වන සියල්ලන්ටම නොමිලේ ග්‍රන්ථයක් ලබා දීමටත් සංවිධායකයන් කටයුතු සලසා තිබේ.

Back to top
Go to bottom

Popular News