lan englan tam

විශේෂාංග

ජපන් සංස්කෘතියෙන් ආරම්භ වී ලොව ප්‍රචලිත වූ "ඔරිගමි" කලාව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 "ඔරිගමි" ලෙස අදහස් කරනුයේ "කඩදාසි නැමීම යන්නයි. "ඔරි" යනු ජපන් භාෂාවෙන් නැමීම යන අදහස දෙන වචනයක් වන අතර "ගමි" යනු "කඩදාසි" යන තේරුම දෙන ජපන් වචනය.

 ජපානය කියූ සැනින් කිමෝනාව ඔවුන්ගේ අනන්‍යතාවේ ප්‍රබල සලකුණක් වෙයි.එසේම ඔවුන්ගේ අනන්‍යතාවේ තවත් ප්‍රබල සලකුණක් වන්නේ ඔරිගමි කලාවයි.

 දරුවන්ගේ බුද්ධි වර්ධනය වීම සඳහාත් "ඔරිගමි" කලාව ඉතා වැදගත් වේ. වැඩිහිටියන්ගේ ආතතිය නැති කර ගැනීමට මෙය විනෝදාංශයක් ලෙස යොදාගත හැකිය.

 වර්තමානයේ ලොව පුරාම රටවල මෙය ප්‍රචලිත අතර නව නිර්මාණ බිහිකිරීමට සේම හැඩ තල නිර්මාණයේදී සරල ගණිත සංකල්ප ඉගෙන ගැනීමට ද ඔරිගමි වි‍ශේෂ වෙයි.

 ජපන් ඔරිගමි කලාව කොටස් දෙකකට බෙදෙයි. ඉන් එකක් ලෙස තෑගි එතීම සඳහා භාවිත කරන ඔරිගමි කලාවයි. අනෙක නම් කුරුල්ලන්, සතුන්, මාළුවන්, මිනිස් රූප සහ වෙනත් ද්‍රව්‍ය   සැකසීමට භාවිත කරන ඔරිගමි කලාවයි.

 ජපානයේ සංස්කෘතික උත්සව, උපන්දින හා විවාහ උත්සවලදී සැරසිලි සඳහා ඔරිගමි කලාව යොදාගනු ලබන අතර උත්සවයන්ට සහභාගි වන්නන්ගේ විනෝදය පිණිසද යොදාගනු ලබයි.

 හිරෝෂිමා සහ නාගසාකි නගරවල පරමාණු බෝම්බ හෙළීමේ සිහිවටන පිහිටි උද්‍යානවල තිබෙන ඔරිගමි කොකුන් විශාල වශයෙන් තබා ඇත.

 අද

Back to top
Go to bottom

Popular News