lan englan tam

විශේෂාංග

Mother !

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පහුගිය වසරේ බලපු චිත්‍රපට වලින් සෑහෙන්න ඔලුවට වද දීපු චිත්‍රපටය Mother කියල කිව්වොත් බොරුවක්ම නෙමෙයි.

මේක Darren Aronofsky ගේ අලුත්ම චිත්‍රපටය. ඔහුගේ චිත්‍රපට බොහොමයක් ගැන ප්‍රේක්ෂක විචාරක දෙපිරිසම ධනාත්මකව කතා කලත් මේ චිත්‍රපටය ගැන නම් තියෙන්නේ මිශ්‍ර විවේචන. සමහරු මේ චිත්‍රපටය ඔහුගේ කූටප්‍රාප්තිය ලෙස හදුන්වන අතරේ ඇතැමෙක් මේක දකින්නේ ඉතාම පිළිකුල් සහගත බලාසිටීමට අපහසු මනෝ විකාරයක් ලෙස. Mother ! චිත්‍රපටියක් විදියට ප්‍රේක්ෂකයාව නිර්මාණය තුළ හිරකරගෙන ඔවුන්ගේ සිතුම් පැතුම් ඇදහිලි විශ්වාස පරම්පරාව එක්ක තදින්ම හැප්පෙන නිර්මාණයක්. mother එඩිතර නිර්මාණයක්. ආගමික ලෝක සහ මතවාද නැවත ප්‍රශ්න කරන නිර්මාණයක්.

මේ චිත්‍රපටය කියවන්න, තේරුම මේකයි කියල කියන්න සෑහෙන දගලන්න තිබුණා අධ්‍යක්ෂවරයාම මේ ගැන යමක් නොකිව්වානම්. වාසනාවකට හරි අවාසනාවකට හරි Darren Aronofsky ම මාධ්‍ය සාකච්චා බොහොමයකදී කියනවා මේ චිත්‍රපටයේ චරිත වලින් හැදින්වෙන්නේ කුමන සංකේත ද කියල.

Mother 3 set

(Contain Spoilers )

Mother චිත්‍රපටය ඉන්න ප්‍රධාන චරිත 2 ලෝකය මැවූ සර්වබලධාරී දෙවියන් වහන්නේ සහ ස්වභාදහම් මාතාව. Him කියන්නේ දෙවියන්වහන්නේ Mother කියන්නේ සොබා දහම් මාතාව. ඒක හරිම අපූරු ඒ වගේම නිර්භීත metaphors. ඔවුන් ඉන්න ගෙදර තමයි පෘථිවිය එහෙම නැත්තම් අපි ඉන්න ලෝකේ. Mother චිත්‍රපටය යන්නේ මැවීමේ සිට විනාශය දක්වා එක cycle එකක් එහෙම නැත්තම් එක් චක්‍රයක් ගැන. චිත්‍රපටියේ විවිධ චරිත වේශයෙන් එනවා ආදම් (ADAM)සහ ඒව (EVE)සහ ඔවුන්ගේ පුතුන් වන කේන් සහ ඒබල් .

චිත්‍රපටය පුරාම Darren Aronofsky ප්‍රශ්න කරන්නේ දෙවියන් වහන්සේගේ ක්‍රියා කලාපය.
ලෝකය මවල, ඒකට කෙලවෙනකම්ම දෙවියන් බලාගෙන ඉන්නේ ඇයි ?
තමන්ගේ නාමයන් එක එක නිකායන් කල්ලි කණ්ඩායම් ගැහිලා මිනිමරගන්නා කොටත් දෙවියන් මුකුත් නොකරන්නේ ඇයි ?
දෙවියන්ට ඕන මිනිසුන්ට හොදක් කරන්නද නැත්තම් කොහොමහරි ක්‍රමේකට තමන්ව අදහන, තමන් වටේ කැරකෙන වන්දනා මාන කරනා පිරිසක් හදාගන්නද ?
දෙවියන් මෙච්චර අත්මර්ථකමිද ?
තමන්ගේ කිර්තිය රැක තියාගන්න තමන්ගේම දරුවාවත් මිනිස්සු මරා ගන්න කම් බලන් ඉන්නේ ඇයි ?

2231

අනික් පැත්තෙන් Aronofsky සොබා දහම් මාතාව දිහා බලන්නේ හරිම දයාවකින්. ඇය තමන්ගේ නිවෙස රැක ගන්න නොකරන දෙයක් නැති තරමයි. ඒත් මිනිස්සු කරන්නේ ලෝකය විනාස කරන එක. දෙවියන් වහන්සේ ඉල්ලන හැම දෙයක්ම දීල බැරිතැන ඇය තමන්ගේ හදවත තුළ තියන ආදරය දියමන්තියක් කරලා දෙනවා දෙවියන්ට නැවත ලෝකය පටන් ගන්න.

Mother ! පසුබිම් සංගීතයක් නැති චිත්‍රපටයක් . ඒක නිසා හැම රූප රාමුවක්ම ප්‍රබලව දැනෙන ස්වභාවය වැඩියි.

දිප්පිටිගොඩ රතු මහත්තයා

Back to top
Go to bottom

Popular News