lan englan tam

O Oපේ

ලේඩි ගාගා එඩ් ශිරන්ගේ පැත්ත ගනී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූ Shape Of You ගීතයේ නිර්මාණකරු එඩ් ශිරන් පසුගියදා සිය ට්විටර් ගිණුමෙන් ඉවත් වූ බව වාර්තා විය.

“මගේ ගිණුම පරික්ෂා කරන විට මට දකින්නට ලැබෙන්නේ ඉතාමත් නොවැදගත් දේවල්, මිනිසුන් වැඩකට නැති පහත් දේවල් එහි සඳහන් කරනවා. එක පණිවිඩයක් සමහරවිට ඔබට දවසම එපා කරවන්න පුළුවන්. මේ හේතුව නිසයි මම ට්විටර් ගිණුමෙන් ඉවත් වුණේ,” යනුවෙන් එඩ්, ඔහුගේ ක්‍රියාවට හේතු දක්වා තිබුණි.

කෙසේවෙතත් ඔහුගේ තීරණය වෙනුවෙන් පෙනී සිටිමින් පොප් ගායිකා ලේඩි ගාගා ද සිය ට්විටර් ගිණුමෙන් ඉවත් වී ඇති බවට වාර්තා පල විය.

එඩ් සහ ගාගා එකට සිටින ඡායාරූපයක් පල කරමින් ඇය කියා සිටියේ “ගායකයෙක් කියන්නෙත් මනුෂ්‍යයෙක් ඔවුන්ටත් අනිත් හැම කෙනාටම වගේ ආදරය අවශ්‍යයි.” යනුවෙනි.

screen shot 2016 02 17 at 10 57 15 am

“සෑම විටම කරුණාවන්තව කටයුතු කරන්න පුරුදු වෙන්න,” ගාගා වැඩි දුරටත් පැවසුවාය.

“එඩ් කියන්නේ මොනතරම් පුදුමසහගත හැකියාවක් තියෙන කලාකාරයෙක් ද. මම ඔහුට ඉතාම ප්‍රිය කරනවා. ඒවගේම මම ප්‍රාර්ථනා කරනවා අන්තර්ජාලය භාවිත කරන සියලුම දෙනා වෛරසහගත හෝ පහත් අදහස් වලින් තොර ධනාත්මකව, ආදරණීයව, කරුණාවන්තව කටයුතු කරන පිරිසක් බවට පත්වේවි කියලා,”

 

Back to top
Go to bottom

Popular News