lan englan tam

ඔබගේ වෛද්‍ය වාර්තාව නිවැරදිද?

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

අද අප බොහෝ දෙනා පුරුදුව සිටින්නේ සුලු අසනීපයක් වුවත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමටයි. එහිදී වෛද්‍ය වාර්තා ලබාගැනීමට සිදුවීම ඉතා සුලභ දෙයක්.

මේ වෛද්‍ය වාර්තා ලබාගැනීමට යාමේදී ඔබටත් මේ ප්‍රශ්න අනිවාර්යයන්ම මතුවෙන්න ඇති.

  • මේ ලැබ් එකෙන්ම රිපෝට් එක ගන්න ඕනෙද?
  • නැත්නම් වෙන කොහෙන්ද මේ වෛද්‍ය වාර්තාව ලබාගන්නේ?
  • එකම වාර්තාවට ඇයි මේ එක එක තැන්වල එක එක ගණන්?
  • ඇයි මේ එක එක තැන්වල පරීක්ෂණේට යන කාලය වෙනස්?
  • මේ රිපෝට් හරිද කියලා කොහොමද දැනගන්නේ?
  • එක ලැබ් එක්කකින් ගත්තම එන රිපෝට් එකට වඩා වෙන ලැබ් එකකින් ගන්න රිපෝට් එකක් වෙනස් වෙන්න පුලුවන්ද?

මේ වගේ දහසක් ප්‍රශ්න ඔබටත් මතුවී ඇති. මේ ලිපියේ අරමුණ ඔබේ මේ ගැටලුවලට පිලිතුරක් ලබාදීමයි.

01. කොහොමද වෛද්‍ය වාර්තාවක් ලබා දෙන්නේ?

 lab tests

වෛද්‍ය වාර්තාවක් ලබාදෙන්නනම් ඒ සඳහා පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍යයි. මෙම පරීක්ෂණ සඳහා ඔබගේ සාම්පල අවශ්‍යයි. ඒ කියන්නේ ඔබේ රුධිරය, මුත්‍රා වැනි රසායනාගාරයෙන් එහෙම නැත්නම් ලැබ් එකෙන් එකතුකරගන්නා ද්‍රව්‍ය අවශ්‍යයි.

පළමුවැනි කරුණ: සාම්පල නිවැරදිව ලබා ගැනීම

medi lab samples

මේ සාම්පල ලබා ගැනීම නිවැරදිව සිදුකරන්න ඕනේ. මේ ගැන සාම්පල ලබාදෙන රෝගියාව දැනුවත් කරනවා වගේම සාම්පල ලබාගන්නා රසායනාගාර කාර්යමණ්ඩලය දැනුවත්මෙන්ම පුහුණු අය වීම වැදගත්.

මීළඟට තියෙන්නේ අදාල සාම්පලය නිවැරදිව සකස්කර ගැනීම. මෙහිදී සාම්පල වෙනත් රසායනික සමග මිශ්‍ර කිරීම, ද්‍රවක සමග මිශ්‍ර කිරීම, තනුක කිරීම, ආදී කටයුතු රැසක් සිදුවෙනවා. මේ සඳහා මිනිස් ශ්‍රමය මෙන්ම යන්ත්‍රද භාවිතා වෙනවා.

දෙවැනි කරුණ:  පරීක්ෂණය සිදු කිරීම

medical lab people

සාම්පල සකස් කිරීම නිවැරදිව සිදුකරන්න නම් ඒ සඳහා නිවැරදි උපදෙස්, පුහුණුව වගේම භාවිතාවන යන්ත්‍රවල නිරවද්‍යතාවයත් පවත්වාගතයුතු වෙනවා.

මීලගට තිබෙන්නේ සකස් කරගත් සාම්පලයෙන් අදාල පරීක්ෂණය සිදු කිරීම. මේ සඳහාත් මිනිස් ශ්‍රමය මෙන්ම යන්ත්‍ර රාශියක් භාවිතා වෙනවා.

තුන්වැනි කරුණ: නිවැරදි ක්‍රමවේදය

Medical Research

පරීක්ෂණය නිවැරදිව සිදු කරන්න අවශ්‍යනම් ඒ සඳහා නිවැරදි ක්‍රමවේදයක්, නිසි උපදෙස්, නිසි ලෙස දැනුවත්වූ කාර්ය මණ්ඩලයක්, නිසි පුහුණුව අවශ්‍යයි. විශේෂයෙන්ම යන්ත්‍ර භාවිතාවන අවස්ථාවලදී එම යන්ත්‍රවලට නිරවද්‍යව පරීක්ෂණය සිදුකල හැකි බව තහවුරු කරගත යුතුයි. මේ සඳහා ක්‍රමාංකණය කිරීම වැනි ක්‍රියාමාර්ග රැසක් ගත හැකියි.

 දැන් පරීක්ෂණය  සිදුකරලා ඉවරයිනේ. ඊළඟට තියෙන්නේ රිපෝට් එක නැත්නම් වාර්තාව සකස් කිරීම. මේක සරල දෙයක් කියලා හිතුවට මේක හරිම වගකීමෙන් කරන්න ඕනෙ දෙයක්. නිකමට හිතන්න රුධිරයේ සීනි මට්ටම 120 තියෙන කෙනෙකුට වැරදිලා 220 කියලා කියවුනොත් මොකද වෙන්නේ කියලා.

හතරවෙනි කරුණ:  වාර්තාව අනුමත කිරීම

lab researcher

වාර්තාව සකස් කරලා, එය තවත් අයෙකු ලවා පරික්ෂා කරගන්නත් ඕනෙ. ඒ වගේම සුදුසුකම් ඇති කෙනෙක් එම වාර්තාව අනුමත කරන්නත් ඕනේ. එතකොට තමයි පරීක්ෂණේදි ලැබුනු ප්‍රථිපල නිවැරදි ලෙස වාර්තාවේ අඩංගුබව තහවුරු කරන්න පුලුවන්.

තව මොනවද බලන්න ඕනෙ එතකොට?

Laboratory1

ඔව්. තව දේවල් තියෙනවා වැදගත්.

1. සමහර පරීක්ෂණ විශේෂ පරිසර තත්ත්ව පවත්වාගන්න ඕනේ. ඒ කියන්නේ අදාල උෂ්ණත්වය, ආර්ද්‍රතාවය වගේ ඒවා. ඉතින් රසායනාගාරය මේ තත්ත්වයන් පවත්වාගැනීම කරන්නම ඕනේ.
2. සමහර පරීක්ෂණ කිහිපයක් එකම තැන සිදුකිරීමේදී එකකින් එකකට බලපෑම් වෙන්න පුලුවනි. ඒ නිසා රසායනාගාරයක් තුල මෙවැනි පරීක්ෂණ  සඳහා අදාල ප්‍රදේශ වෙන්කරගන්න ඕනේ.
3. රසායනාගාරය තුල ලබාදී තිබෙන උපදෙස් අනුව කොතරම් කටයුතු කලත්, යම් යම් අඩුපාඩු පවතින්න පුලුවන්. ඒවා සොයාගන්නනම් රසායනාගාරය කලකට වරක් පරික්ෂාවට ලක්කල යුතුයි. එහිදී හඳුනාගන්න අඩුපාඩු නිවැරදිකිරීමට පියවර ගන්නත් ඕනේ.
4. අනිත් කරුණ තමයි අනෙකුත් රසායනාගාර සමග සංසන්දන කිරීමේදී රසායනාගාරයේ ප්‍රතිපලවල නිරවද්‍යභාවය පිලිබඳව සැලකිලිමත්වීම. මේ සඳහා රසායනාගාරය විසින් පියවර ගත යුතුයි.

ඉතින් මේ කරුණු අපි කොහොමද දැනගන්නෙ? මේවා අහන්න ගියොත් රිපෝට් අරගෙනත් ඉවරයි. එහෙම නේද ඔබට හිතෙන්නේ. නැහැ. ඒ සඳහා ඔබ රසායනාගාර වලින් ප්‍රශ්න කරන්න ඕනේ නැහැ.

iso 15189

මේ සඳහා තමයි වෛද්‍ය රසායනාගාර ප්‍රතීතනය සඳහා ප්‍රමිතියක් හඳුන්වා දී තිබෙන්නේ.
ISO 15189 වන මේ ප්‍රමිතිය හඳුන්වා දී තිබෙන්නේ ලෝකයේ බොහෝ අංශ සඳහා ප්‍රමිති ඉදිරිපත් කරන International Organization for Standardization (ISO) මගින්.

ඉතින් මේ ප්‍රමිතියෙන් මොනවද තහවුරු කරන්නේ?

medical lab

මේ ප්‍රමිතියට අනුව කටයුතු කරන වෛද්‍ය රසායනාගාරයක් පහත කරුණු සම්පූර්ණ කරන්න ඕනේ:

1. නිවැරදි ක්‍රමවේදයන් භාවිතා කිරීම
2. භාවිතාවන උපකරණ වල නිරවද්‍යතාවය
3. නිවැරදි පරිසර තත්ත්වයන් යටතේ පවතින රසායනාගාරයක්
4. එක් පරීක්ෂණයකින් අනෙකකටවන බලපෑම් අවම වීම
5. නිසි ලෙස උගත්, පුහුණු කාර්යමණ්ඩලයක්
6. නිසි ලෙස පරීක්ෂාකර, අනුමතකල වාර්තාවල නිරවද්‍යතාවය
7. රසායනාගාරයේ ප්‍රතිපලවල සංසන්දනාත්මක නිරවද්‍යතාවය
8. කාලයකට වරක් රසායනාගාරය නැවත පරීක්ෂා කිරීම සහ අඩුපාඩු සකස් කිරීම

මීට අමතරව තවත් කරුණු බොහොමයක් මෙම ප්‍රමිතියට අයත්වන අතර ඒ මගින් පරීක්ෂණාගාරයක සිදුවන සියලුම ක්‍රියාවලීන් පරික්ෂාවට ලක් කරනු ලබනවා.

මෙම කරුණු සම්පූර්ණ කරන රසායනාගාරයක වාර්තාවක් ඔබට බය නැතිව පිලිගන්න පුලුවන්.

ඉතින් රසායනාගාරයක් මේ කරුණු සම්පූර්ණ කරනවද කියලා අපි දැනගන්නෙ කොහොමද?

SLAB

ඔව්. ඔබට කෙලින්ම වෛද්‍ය රසායනාගාරයක් පරීක්ෂා කරන්න බැහැ තමයි. ඒ නිසා තමයි ඒ සඳහා බලයලත් ආයතන තිබෙන්නේ. ඕනෑම වෛද්‍ය රසායනාගාරයකට තමන් මේ ප්‍රමිතියට අදාලබව අප රටේ හෝ වෙනත් ඕනෑම රටක ප්‍රතීතන ආයතනයක් හරහා පරීක්ෂා කරගන්න පුලුවනි.

අප රටේ මේ සඳහා බලය තිබෙන්නේ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයටයි. අහලත් නැහැ නේද? ඔන්න ඔවුන්ගෙ වෙබ් පිටුව www.slab.lk ගිහින් බලන්න.

ඉතින් අපි කොහොමද දැනගන්නේ අපි යන වෛද්‍ය රසායනාගාරය ප්‍රතීතනය කරලද කියලා?

ISO Logo 500

ඒ බව ඔවුන් ප්‍රදර්ශනය කර තිබේවි. ඔබට ලැබෙන වාර්තාවෙත් ඒ බව සඳහන් වේවි. ඒ වගේම මතක තියාගන්න ඔබට ඒ බව ඔවුන්ගෙන් අහන්න හැකි බව.

තවත් වැදගත් කරුණක් තමයි ඔබ ප්‍රතීතනය පිලිබඳව ප්‍රශ්න කරනවිට ඔබ බලාපොරොත්තුවන පරීක්ෂණය සඳහා වෙනම වශයෙන් ප්‍රතීතනය ලබා තිබේදැයි දැනගන්න. රුධිර වාර්තා සඳහා ප්‍රතීතනය ලැබූ රසායනාගාරයක් මුත්‍රා පරික්ෂා සඳහා ප්‍රතීතනය ලබා නොතිබීමට ඉඩ තිබෙනවා.

 

මධුභාෂීණි ජයමාන්න

Face Book Setup 01

Back to top
Go to bottom

Popular News