lan englan tam

පුවත්

අවුරුදු ලිතත් දැන් ඩිජිටල් ඇප් එකක්

User Rating: 4 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Inactive
 

හැමදේම ඩිජිටල් වෙන කාලේ ඔන්න අලුත් අවුරුදු ලිතත් දැන් ඩිජිටල් වෙලා. අවුරුදු සිරිතට එන නැකත් ඔක්කොම අඩුවක් පාඩුවක් නැතුව අකුරටම සටහන් වෙලා තියෙන මේ ඩිජිටල් ඇප් එකට කියන්නෙ ‘අවුරුදු සොබා ලිත’ කියලයි. ලංකාවේ වැඩි දෙනෙක් පාවිච්චි කරන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලටම ගලපෙන්නයි මේක නිර්මාණය කරලා තියෙන්නේ.

අවුරුද්ද කිව්වම නැකත් තියෙන්නේ අවුරුදු දවසේ විතරක් නෙමෙයි. අප්‍රේල් මාසේ මුල ඉඳන් තමයි අවුරුදු නැකත් පටන් ගන්නේ. ඉතින් අපි කොයිතරම් උනන්දුවෙන් හිටියත් අවුරුද්දේ නැකත් සමහරක් අපිට මගඇරෙන්න පුළුවන්.

මේ ඩිජිටල් ලිතේ තියෙන වැදගත්ම දෙයක් තමයි එහෙම මගඇරෙන්නේ නැති විදියට නැකතෙන් නැකතට වෙලාව මතක් කරන එක. එක නැකතක් ඉවර වුන ගමන් අනිත් නැකතට තියෙන කාලය කවුන්ට්ඩවුන් එකක් විදියට මතක් කරනවා.

ඒ වගේම පුරුද්දට නැකත් පිලිපැද්දත් ඒ නැකත් වල ඇත්ත තේරුම ගැන දන්නේ කීයෙන් කී දෙනාද? ඒ හින්දම මේ ඩිජිටල් අවුරුදු සොබා ලිතේ හැම නකතෙම තේරුම, වටිනාකම වෙන වෙනම පැහැදිලි කරලා තියෙනවා. මේක අද කාලේ අයට අපේ පරණ සම්ප්‍රදායික වටිනාකම් ගැන ඉගෙන ගන්නත් හොඳ අත්වැලක් වෙයි.

අවුරුද්දෙන් අවුරුද්දට මේ ඩිජිටල් ලිත ඉබේටම අප්ලෝඩ් වෙනවා. එතකොට ඊළඟ අවුරුද්ද කිට්ටු වෙනකොට ලිතවල් හොය හොයා කඩ ගානේ යන්න ඕන වෙන්නෙත් නෑ.

මේ එදා කාලේ දේවල් මෙදා තාලෙට අඳුන්නලා දෙන්න පුරෝගාමී වෙලා තියෙන්නේ කුමාරිකා නිෂ්පාදන පෙළයි. අපේ ස්වභාවික ශාකසාරවල පෝෂණය අද තාලෙට ගැලපෙන විදියට කාන්තාවන්ගෙ වරලසට ලබා දෙන්න ඉදිරිපත් වෙන කුමාරිකා මේ විදියට සම්ප්‍රදායික වටිනාකම් ගැනත් නූතන පරපුර දැනුවත් කරන්න ඉදිරියට ආපු එක ගොඩක් වටින දෙයක්.

දැන්ම ස්මාර්ට් ෆෝන් එක අරන් ගූගල් ඇප්ස්ටෝර් එකට ගොඩවෙලා බලන්න. කුමාරිකා අවුරුදු සොබා ලිත ලේසියෙන් ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

Back to top
Go to bottom

Popular News