lan englan tam

පුවත්

වෙසක් දින සැමරුම නිමිත්තෙන් මුද්දර 20 ක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙවර ශ්‍රී ලංකා‍වේදී පැවැත්වෙන 2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම නිමිත්තෙන් මුද්දර 20 ක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය කටයුතු යොදා ඇත.

මහනුවර ලංකාතිලක විහාරය, නේපාලයේ ලුම්බිණිය,, ඉන්දියාවේ සාංචිය,ජපානයේ හොරියුජි විහාරස්ථානය, බංග්ලාදේශයේ සෝමපූර් මහා විහාරය ඇතුළු ලොව පුරා සිටින බෞද්ධ ජනයාගේ අපරිමිත වන්දනාවට පාත්‍රවූ සිද්ධස්ථාන 20 ක් මෙම මුද්දර මගින් නිරූපනය වේ.

මීට අමතරව එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම නිමිත්තෙන් ගෙවීගිය කාලය තුළ මෙරට නිකුත් කළ සියලු මුද්දර නිරූපිත සුවිශේෂී සැමරුම් ග්‍රන්ථයක්ද අද දිනයේ (12) එළිදැක්වීමට නියමිතය.

Back to top
Go to bottom

Popular News