lan englan tam

පුවත්

රවී සහ සමන් යළි පත්වෙයි -SLBC යට සුදර්ශන එයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජාතික රූපවාහිනියේ හිටපු සභාපති නීතීඥ රවී ජයවර්ධන මහතා ම යළිත් රූපවාහිනියේ සභාපති තැනට පත්කර ඇති අතර ස්වාධීන රූපවාහිනියට ද හිටපු සභාපති සමන් අතාවුදහෙට්ටි මහතාම යළි පත්කර ඇතැයි වාර්තා වේ.

 ඔවුන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන්  (19) පෙරවරුවේ අදාළ පත්වීම් ලබාගෙන ඇති බවද පැවසේ.

 ගුවන්විදුලියේ නව සභාපති සුදර්ශන ගුණවර්ධන 

 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සුදර්ශන ගුණවර්ධන මහතා පත්කර තිබේ.

 වෘත්තියෙන් නීතිඥයෙකු වන ඔහු ‘රයිට්ස් නව්‘ නමැති ප්‍රජාතන්ත්‍රවාදය ජාතික සංහිදියාව සහ මානව හිමිකම් ප්‍රචලිත කිරීම සදහා වන සිවිල් සමාජ සංවිධානය පිහිටුවීමේ පුරෝගාමියෙකු සහ එහි විධායක අධ්‍යක්ෂවරයා ද වේ.

 ඊට පෙර ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ ව්‍යාපාරයේ ප්‍රධානත්වය දැරීය. නිදහසේ වේදිකාව සංවිධානයේ සම කැදවුම්කරුවෙකු හා නිදහස් හා සාධාරණ මැතිවරණ සදහා වන ව්‍යාපාරයේ ලේකම්වරයා ද වේ.

 2005 දී රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන්  අගමැතිවරයාගේ උපදේශකයෙකු වශයෙන් පත් වූ ඔහු, 2016 දී ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම සදහා විදේශ කටයුතු ඇමතිවරයාගේ උපදේශකයෙකු ලෙසින් පත් විය. සංහිඳියා යාන්ත්‍රණය වෙනුවෙන් වන කාර්ය සාධක බලකායේ බස්නාහිර පළාත් සභාපතිවරයා ලෙසින් ද ඔහු කටයුතු කරයි.

 ජර්මනියේ සුලූතර ජනකොටස්වල ආරක්ෂාව අධ්‍යයනය කිරීම සදහා 2016 සැප්තැම්බර් මාසයේදී එරට රජයෙන් ආරාධනා ලැබීය. 2014දී ඔහු ජර්මනියේ චාරිකා කලේ සිවිල් සමාජය ශක්තිමත් කිරීම සදහා වන  ජාත්‍යන්තර නායකත්ව වැඩසටහනක් සදහායි.  ජගත් සංවිධානය වෙනුවෙන් ඔහු 1999 දී නැගෙනහිර තිමෝරය සහ 2000 දී කොසෝවෝ හි ස්වේච්ඡා සේවකයෙකු ලෙසින් කටයුතු කලේය.

 ගත්කතුවරයෙකු හා මාධ්‍යවේදියෙකු ද වන ඔහු සමබිම කළමනාකාර සංස්කාරකවරයා ලෙසින් කටයුතු කරයි. 2015 සිට ඔහු නිදහස් දේශපාලන විවේචකයෙකු හා ජාතික රූපවාහිනී සංවාද වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙසින් ද කටයතු කරයි.

 

 

Back to top
Go to bottom

Popular News