lan englan tam

පුවත්

"විහාරවංශය" එළැඹෙන රාජ්‍ය වෙසක් උත්සවයේදී එළිදකී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

දිවයින පුරා පිහිටි සෑම විහාරස්ථානයකම තොරතුරු ඇතුළත් කරමින් "විහාරවංශය" නමින් ග්‍රන්ථයක් එළි දැක්වීමට නියමිතව තිබේ.


මේ බව ප්‍රකාශ කරමින් බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවිලගෙදර සඳහන් කළේ දිවයිනේ සෑම විහාරස්ථානයකම ඓතිහාසික තොරතුරු එහි ඇතුළත් වන බවයි.

සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම සිටින බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් හරහා අදාල තොරතුරු එක්රැස් කිරීම සිදු කෙරෙනු ඇත.

එක්රැස් කර ගන්නා තොරතුරු බුද්ධ ශාසන අමාත්‍යංශය පත්කර ඇති විද්වත් සභාවක් හරහා සංස්කරණය කිරීම සිදු කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සදහන් කළේය.

පුරාවිද්‍යාව හා සාහිත්‍යය යන විෂයන් පිළිබඳ විශේෂඥභාවයෙන් යුත් භික්ෂූන් වහන්සේ සහ ත්‍රිපිටක මණ්ඩලය එම විද්වත් සභාව නියෝජනය කරනු ඇත.

පසුගිය රාජ්‍ය වෙසක් උත්සවයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර ලබන වසරේ රාජ්‍ය වෙසක් උත්සවයේදී "විහාරවංශය"  එළි දැක්වීමට බලාපොරොත්තු වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවිලගෙදර මහතා සදහන් කළේය.

 

Back to top
Go to bottom

Popular News