lan englan tam

පුවත්

කවි ගී කෙටිකතා තීරු ලිපි ලියන්න ඔබටත් පුළුවන්ද ?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
එහෙමනම්  මෙය කියවන්න  !
 කවි - ගී - කෙටිකතා - තීරු ලිපි ලියන්න ඔබටත් හැකි නම් `සත්හඬ` සතිඅන්ත පුවත්පතේ `සිහිනය` අතිරේකයෙන් මෙන්න ඔබට ඇරයුමක්. මේ තරගය, විවෘත හා පාසැල් වශයෙන් අංශ දෙකකින් පැවැත්වෙනවා. විවෘත අංශය,  පාසැල් අධ්‍යාපනය හමාර කළ  - උසස් අධ්‍යාපනය ලබන - රැකියා කරන නොකරන - වැඩිහිටි ඔබටත් ; පාසැල් අංශය උසස් පෙළ සිසු සිසුවියන්ටත් වෙන් වෙනවා. 
 
එක් තරග ඉසව්වකට එක් අයකුට එවිය හැක්කේ එක් නිරමාණයක්. ඔබ කැමති නම් - ඔබට හැකි නම් - ඉසව් හතරට ම සහභාගි වෙන්න පුළුවන්. මීට කළින් `ජාතික මට්ටමේ` ජයග්‍රහණ නොලබපු - සිංහල මාධ්‍යයෙන් ලියූ - ස්වතන්ත්‍ර නිර්මාණ,  2016 දෙසැම්බර් 31 ට පෙර, සත්හඬ සිහිනය නිර්මාණ අවකාශය, අංක 53, උඩහමුල්ල දුම්රියපොළ පාර, දෙල්කඳ, නුගේගොඩ ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් ලිපිනයට එවන්න ! 
 
ඔබේ නිර්මාණ අත් අකුරෙන් ලියා එවනවානම් - පැහැදිලිව - A4 කඩදාසියේ තනි පැත්තේ ලියා එවන්න. ටයිප් කර එවනවානම්, FMAbaya 14 ප්‍රමාණයෙන් එවන්න. ඔබේ ඡායාරූපයක් (පාස්පෝට් ප්‍රමාණයේ) නිර්මාණය සමග එවනවානම් එය ඉතා වැදගත්. පාසැල් අයදුම්කරුවන් තමන්ගේ නිර්මාණ විදුහල්පතිවරයාගෙන් හෝ අංශ ප්‍රධානියකුගෙන් සහතික කර එවන්න අමතක කරන්න එපා. 
 
ඔබේ නිර්මාණ, ප්‍රාමාණික විද්වතුන්ගෙන් සැදි මණ්ඩල හතරකින් විනිශ්චය වෙනවා. ලබන වසරේ මුළ, තරගයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරනවා. ඉතින්, ඔබ මේ අවස්ථාව මග හරිනවාද ?
 
Back to top
Go to bottom

Popular News