lan englan tam

පුවත්

“ආකර්ෂා” ලඟදීම රිදී තිරයට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

සඟවාලිය නොහැකි විචිත්‍ර ආදරයෙන් උන්මාදව ජීවිතයේ වැරදුන තැන් යළි සොයාගීය සුරූපි යුවතියක් සහ සටන් බිමේ බැඳී ප්‍රේමය කුරිරු වූ යුද්ධය නිසා අතුරුදන්ව චිත්ත සන්තාපයෙන් මුසපත්වූ සොල්දාදුවෙක් සමඟින් පියා කවූදැයි නොදත් සුරතල් දරු පැටියෙක් වටා ගෙතුණු මිනිස්-නොමිනිසුන් ගුණ අගුණ සමුදායේ ගැඹුරුතැන් ස්පර්ශ කල මිහිරි සංගීතයෙන් දුක අස්වසා සිනමා සිත්තම “ආකර්ෂා” රිදී තිරයේ ලඟදීම දිග හැරීමට නියමිතව ඇත.

මෙය, රිදී තිරයට “සිංහාවලෝකනය” හා “ස්පන්ධන” සිනමා පට ගෙනා සුනෙත් මාලිංග ලොකුහේවාගේ නිර්මාණ කරණයකි.

මේ තුළින් හිටපු යුධ හමුදාපති දයා රත්නායක මහතාගේ පුත්, යසස් රත්නායක කර්නල් වික්‍රමසිංහ නැමැති යුධ සෙබලාගේ චරිතයට පණපොවමින් සීනමා රංගනයට අවතිර්ණ වේ.

ඔහූ සමඟින් සුරූපි ඉන්දිය නිළි අන්චල් සිං, ළමා නළු මවුලි මතීෂ, ශ්‍රීයාණි අමරසේන දුෂ්යන්ත් වීරමන්, ඩබ්. ජයසිරි, ඩග්ලස් රණසිංහ, දර්ශන් ධර්මරාජ්, චරිත් අබේසිංහ, ශලනි තාරකා, රමණි සිරිවර්ධන ඇතුළු ජනප්‍රිය හා ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායකවන අතර, කතාව, තිර රචනය හා උපදේශක අධ්‍යක්ෂණයෙන් සමන් වීරමන්, කැමරාකරණයෙන් ප්‍රභාත් රෝෂන්, සහය අධ්‍යක්ෂණයෙන් ධනුෂ්ක ජයවර්ධන, සංගීත අධ්‍යක්ෂණයෙන් දර්ශන රුවන් දිසානායක, ගීත රචනයෙන් බන්දුල නානායක්කාරවසම්, නන්දන වික්‍රමගේ සමඟින් අමිල තේනුවර ද ගායනයෙන් විශාරද උරේෂා රවීහාරි දුමාල් වර්ණකුල හා ශම්මිකා අමානිද එක්වන මෙය “ආකර්ෂා ෆිල්මි ප්‍රඩක්ෂනස්” වෙනුවෙන් ප්‍රභාත් චමින්ද පෙරේරා, හරිස් උද්දික මහදිවුල්වැව, නලින් නිශාන්ත ධර්මප්‍රිය සහ ලීල් ප්‍රසන්න දසනායකගේ අර්ථෝපායනයකි.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

Back to top
Go to bottom

Popular News