lan englan tam

පුවත්

බොනිෆස් ප්‍රනාන්දු සමුගනී

User Rating: 3 / 5

Star ActiveStar ActiveStar ActiveStar InactiveStar Inactive
 

මීට දශක පහකට පමණ පෙර 1960 ගණන්වල සිංහල සිනමාව වර්ණවත් කළ විකට නළුවකු මෙන්ම අධ්‍යක්ෂවරයකු වූ බොනිෆස් ප්‍රනාන්දු මහතා ඊයේ (14) අභාවප්‍රාප්ත වුණා.

ඔහු මිය යනවිට 83 වැනි වියේ පසු

වු අතර ඒ මහතා පස්දරු පියෙකි. 1956 දී තිරගත වූ සිරිමලී චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය නිරූපනය කරමින් සිනමාවට පිවිසි  ඔහු  චිත‍්‍රපට 35 ක පමණ රංගනයට එක්වී ඇත. සුහද දිවි පිදුම, සුවිනීත ලාලනී, ශිරානි,  සුදු සඳේ කළු වළා සහ සුදෝ සුදු ඉන් කිහිපයකි.

ශිරානි චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කර ඇති ඒ මහතා තවත් චිත‍්‍රපට කිහිපයක සහාය අධ්‍යක්ෂවරයා වශයෙන් ද කටයුතු කර ඇත. චිත‍්‍රපටවලට අමතරව 80 දශකයේ විකාශනය වු පුර්ණිමා, ඡායා, ලෝගුව  යන ටෙලි නාට්‍යවල ද බොනිෆස් ප්‍රනාන්දු රංගනයෙන් එක්වී ඇත.

2013 වසරේ සිට රෝගාතුර ව සිටි ඒ මහතා  සිය කටානේ නිවසේ දී මිය ගිය අතර දේහය පහළ මඩම්පැල්ල, අකරගම, අංක 77/20 නිවසේ තැන්පත්කර තිබේ. අවසන් කටයුතු 18 වැනි සෙනසුරාදා පස්වරුවේ  මඩම්පැල්ල රෝමානු කතෝලික සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය. 

 

Back to top
Go to bottom

Popular News