lan englan tam

පුවත්

ඕස්ට්‍රේලියාවේ රසිකයින් දෙවැනි වුණා ශ්‍රී ලංකාවේ රසිකයින්ට; ක්‍රිස්ටීන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලෝක ප්‍රකට ඕස්ට්‍රේලියානු කතා මාලාවක් වන Spellbinder හෙවත් මායා බන්ධන දෙවැනි කොටසේ රංගනයෙන් දායක වූ නිළි ජෝර්ජිනා ෆිශර් පසුගිය සතියේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි. 

ජෝර්ජිනා පසුගිය සඳුදා (19) ජාතික රූපවාහිනියේ 'නුගසෙවණ' වැඩසටහනට සහභාගි වූ අතර ශ්‍රී ලංකාවේ රසික ප්‍රජාව ගැන මෙන්ම ශ්‍රී ලාංකිකයින් බහුත්‍රරයක් තමන් රඟපෑ කතා මාලාවේ රසිකයින් වීම ගැන තමන් පුදුමයට පත් වූ බව ජෝජිනා එහිදී ප්‍රකාශ කළාය. 
 
ඉන් අනතුරුව ජෝර්ජිනා දෙරණ රූපවාහිනී නාලිකාවේ හසිත විජේවර්ධන මෙහෙයවූ කෙටි වැඩසටහනකටද සහභාගි වෙමින් පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ රසිකයින් සිය රට වන ඕස්ට්‍රේලියාවේ රසිකයින් අභිබවා ඉදිරියෙන් සිටින බවයි. 
 
තමන් සමග එකට රඟපෑ Spellbinder කතා මාලාවේ ප්‍රධාන චරිත සමග මේ වන විට සම්බන්ධයක් නොමැති බව ජෝර්ජිනා එහිදී ප්‍රකාශ කළාය. 
 
වර්තමානයේ වයස 30 සපිරූ පරම්පරාවේ ළමා හා යෞවන අවධියේදී බෙහෙවින් ජනප්‍රිය කතා මාලාවක් වන Spellbinder ජාතික රූපවාහිනියේ මේ දක්වා කිහිප වරක් විකාශය කර තිබේ. 
 
සමාන්තර ලොව දෙකක සිදු වන තාක්ෂණික හැකියා සහ එහිදී තරුණ තරුණියන් කිහිප දෙනෙකු දෙලොවටම ගොස් ඇති වන මිතුරුකම් සහ අනපේක්ෂිත සිදුවීම් Spellbinder කතා මාලා දෙකටම පොදු ලක්ෂණ විය. 
 
එහි කතා දෙකෙහිම ආශ්කා චරිතය ඇතුළත් වූ නමුත්, ලංකාවට ආ ජෝර්ජිනා සම්බන්ධ වූයේ එහි පළමු කතා මාලාවේ පෝල් රෙනෝල්ඩ් යෞවනයාගේ නැගණිය වන ක්‍රිස්ටීන් රෙනෝල්ඩ් හැටියටය.
Back to top
Go to bottom

Popular News