lan englan tam

පුවත්

සිංහල ගීතයක් පළමු වරට හොලිවුඩ් සිනමා පටයකට ගෙන ගිය මොරටු කොල්ලා 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මොරටුවෙ හැදිල, වැඩිල සංගීතයට යොමු වුණ බුද්ධි ද මැල් ඇමෙරිකා එක්සත් ජනපදයට ගියේ වැඩිදුර සංගීතය හදාරන්න.

ඒ ගමනට ඔහුට ඇමෙරිකාවෙ Green Card එකත් උපකාරී වෙනව. වැඩිදුර සංගීතය හදාරද්දි බුද්ධිට අපූරු මිත්‍රයෙක් මුණගැහෙනව. ඒ තමයි හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ Guy Longstreet.

ඒ අතරෙ Guy ඔහුගෙ නවතම නිර්මාණය, Black Jade සිනමා පටය Amazon Prime ඔස්සෙ නිකුත් කරනවා. 
 
Black Jade දැක්කට පස්සෙ බුද්ධිට කදිම අදහසක් පහළ වෙනවා.
 
ඒ තමයි ඔහුගෙ "ඔබ මාගෙ, මාගෙ, මාගෙ මැයි" ගීතය ඒ චිත්‍රපටයෙ තේමාවත් එක්ක හොඳින්ම ගැලපෙනව කියන එක. ගීතය රචනා කළේ සෝමලතා හේරත් මැණිකේ.
බුද්ධි ඒ අදහස හොලිවුඩ් අධ්‍යක්ෂ Guy ට කියනව. ඔහුත් ඒ අදහසට එකඟ වෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට බුද්ධිගෙ ගීතය චිත්‍රපටයෙ අලුත් සංස්කරණයට එකතු කරන්න Guy එකඟ වෙනව.
 
ඒ විදියට තමා සිංහල ගීතයක් පළවෙනි වතාවට හොලිවුඩ් සිනමාවට එකතු වෙන්නෙ.
 
සරෝජ් පතිරණ
Back to top
Go to bottom

Popular News