lan englan tam

පුවත්

ඇය මගේ කැමතිම නිළිය නොවේ; කත්‍රිනා මුණගැසීම ගැන හිමායා පවසයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

හිමායා බණ්ඩාර වඩාත් ජනප්‍රිය වූයේ 'දෙවැනි ඉණිම' ටෙලි කතා මාලාවේ පළමු කොටසේදීය. 

නිරූපිකාවක සහ රංගන ශිල්පිනියක ලෙස ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය හිමායාට පසුගිය දිනක ඉන්දියාවේ ජනප්‍රිය බොලිවුඩ් නිළියක වන කත්‍රිනා කයිෆ් හමු වී තිබුණ අතර හිමායා සහ කත්‍රිනා එකට ගත් ඡායාරූප කිහිපයක් ඇය සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබිණි. 
 
කත්‍රිනාව නම් කරමින් හිමායා එහි සඳහන් කර තිබුණේ 
 
"She is not my favourite one
But I love her beauty and talent ❤️😘"
 
(ඇය මගේ කැමතිම නිළිය නොවේ
නමුත්, ඇගේ ලස්සනට සහ කුසලතාවට මම ආදරය කරමි ) යනුවෙනි. 
 
හැකියාව සහ සුන්දරත්වය අගයන්නට කැමැත්ත වැදගත් නොවන බව හිමායා එයින් පෙන්වා දී තිබිණි.
Back to top
Go to bottom

Popular News