lan englan tam

පුවත්

නාට්‍ය වෙනුවෙන් වීදි බසින්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'යං ප්ලෙයර්ස්' වීදි නාට්‍ය කණ්ඩායම

වෙනුවෙන් නවක වීදි නාට්‍ය ශිල්පීන් සහ ශිල්පිනියන් සම්බන්ධ කරවා ගැනීම මේ දිනවල දී සිදු කරනු ලබයි.

ඔබ වීදි නාට්‍ය කලාව පිළිබඳ උනන්දුවෙන් පසු වන අයෙක් නම් හෝ ප්‍රචාරණය වෙනුවෙන් පවත්වනු ලබන වීදි නාට්‍ය දර්ශනවාර සඳහා පෙනී සිටීමට උනන්දු අයෙක් නම්; යං ප්ලෙයර්ස් වීදි නාට්‍ය කණ්ඩායම සමඟින් වෘත්තීමය ශිල්පියෙකු ලෙස සම්බන්ධ වී කටයුතු කල හැකියි. 
 
අප සමඟ සම්බන්ධ වන ශිල්පීන් වෙනුවෙන් අවශ්‍ය ආහාර පාන, නවාතැන් කටයුතු සහ ප්‍රවාහණ පහසුකම් ආදිය අදාල ව්‍යාපෘති මඟින් සපයනු ලැබේ. සියලුම ශිල්පීන් වෙනුවෙන් දෛනික දීමනා උසස් ආකාරයෙන් ගෙවීම සිදුකරනු ලබයි. 
 
වීදි නාට්‍ය නිෂ්පාදනය සහ වීදි නාට්‍ය රංගනය පිළිබඳ බඳවා ගන්නා අයවලුන් වෙනුවෙන් විශේෂ පුහුණුවක් ලබා දේ. ඉන් තෝරා ගන්නා අයවලුන් ඉදිරි මාස වල පැවැත්වෙන නිර්මාණ කටයුතු වෙනුවෙන් දායක කර ගනී. දිගු කාලීන සහ කෙටි කාලීන රංග අවස්ථාවන් අප සතුව ඇති නිසා ඔබට පහසුවෙන් අප හා සම්බන්ධ විය හැකිය.
 
අප්‍රේල් සහ මැයි මාස වෙනුවෙන් නවක ශිල්පීන් හය දෙනෙකු සහ නවක ශිල්පිනියන් හතර දෙනෙකු වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දේ.
 
අමතන්න 'යං ප්ලෙයර්ස් අපි' - 0706316311
Back to top
Go to bottom

Popular News