lan englan tam

පුවත්

මම පෙනී ඉන්නේ දේශපාලන මතවාදයක් වෙනුවෙන්; නිපුණි ශාරධා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 තමන් දේශපාලන මතයක් මිස දේශපාලන පක්ෂ නියෝජනයක් කරන තැනැත්තියක් නොවන බව රංගන ශිල්පිනී නිපුණි ශාරදා පැවසුවේ 'මතක පද' යූටියුබ් නාලිකාව ඔස්සේ පසුගිය සිකුරාදා (19) සවස විකාශය කෙරුණු වැඩසටහනේදීය.

පසුගිය කාලයේ ජාතික ජන බලවේගයේ දේශපාලන කටයුතුවලට සහභාගි වූ රංගන ශිල්පිනියන් අතරින් නිපුණිද එක් කලාකාරිනියක වූ අතර එහෙයින්ම ඈ පිළිබඳව සමාජයේ විශේෂ අවධානයක් යොමු විය.
වැඩසටහනේ පූරක ගැමුණු වන්නිනායක ඇයගෙන් විමසූ කාරණාවලදී නිපුණි පිළිතුරු දුන්නේ මෙසේය.

ගැමුණු : කලාරුවෙක් පොදු අවකාශය ඇතුළේ හැමෝම පිළිගන්නවානේ.. හැමෝම ආදරය කරනවා සහ පිළිගන්නවා. එළියේ සමාජයේ ඉන්න කවුරුත් කැමති නෑ ඒගොල්ලන්ව පාට තවරලා බලන්න. පොදු වස්තූන් විදිහට තමයි පොදු සමාජයේ පිළිගන්නේ. දේශපාලනය ඇතුළේ යම් යම් තැන්වල හිට ගැනීම සහ ඒ් හිට ගැනීම තුළින් ඇති වන පීඩනය හරි, ප්‍රශංසාව හරි කොහොමද සාමාන්‍ය ජීවිතය ඇතුළේ කළමනාකරණය කර ගන්නේ?

නිපුණි : දේශපාලන පක්ෂ ඇතුළේ පෙනී සිටීම සම්බන්ධයෙන් මට ගැටලුවක් නැහැ. මං කොහොමත් පෙනී සිටින අයෙක්. දේශපාලන මතවාදයක් තියෙන එකත් ප්‍රශ්නයක් නෑ. අපි හිට ගන්නේ අපි විශ්වාස කරන මතවාදයක් ඔස්සේ. මගේ අදහසත් ඒකමයි. මගේ දෘෂ්ටිවාදයත් ඒ්කමයි. අපි පෙනී සිටින්න ඕන, අපි ඡන්දය දෙන්න ඕන ඇයි කියන එක තමයි මං හිතන්නේ, මං විශ්වාස කරන්නේ. එතකොට ඒ්ක වෙනුවෙන් පෙනී සිටීම මට කිසිම ගැටලුවක් නෑ. ඒ්ක ආටිස්ට් කෙනෙකුට කොහොමද බලපාන්නේ කියලා, ඒ්ක මට වැඩ නැති වෙයිද, මට ආයේ වැඩ කරන්න බැරිවෙයිද කියනවා වගේ සීමාකමක් මට නැහැ ඇත්තටම. ආටිස්ට් කෙනෙක් කියලා කියන්නේ සමාජය වශයෙනුත් 'කැරැක්ටර්ස්' (චරිත) වශයෙනුත් සමහර විට වෙනත් මතවාද නිරූපණය කරන අයෙක් වෙන්න පුළුවන්. නමුත්, ස්වාධීන මනුෂ්‍යයෙක් විදියට මට තියෙනවා අදහසක්. ඒ්ක වෙනුවෙන් පෙනී සිටීම මං හිතන්නෑ මට ගැටලුවක් කියලා. ඒ්කෙන් ලැබිච්ච ප්‍රතිචාර පිළිබඳවත් මම ලොකුවට ගත්තේ නෑ. මොකද, මං සතුටුයි මං පෙනී සිටපු දෙයක් මිනිස්සු අතරට යනවා නම්. ඒ්ක විශ්වාස කරනවා නම්, ඒ්ක මිනිස්සුන්ට ඇහෙනවා නම්.

ගැමුණු : ස්ත්‍රීය වෙනුවෙන්ද ඒ් වේදිකාවේ හිට ගන්නේ?

නිපුණි: පැහැදිලිවම. මං හිතන්නේ මං පෙනී හිටියේ ස්ත්‍රීය වෙනුවෙන්. හේතුව මගේ අම්මා. මං වෙන තැනක නගින්නෙත් නෑ ඒ වෙනුවෙන්. මගේ ගමේ ගැහැණු වෙනුවෙන් තමයි මං එතනට නැග්ගේ. මං හිතනවා මං ඒක කරන්න ඕන දෙයක්. ඒ්ක වෙනස් විය යුතු දෙයක්. ඒ් අදහසින් තමයි මං ස්ටේජ් එකට නගින්නේ.

නිපුණි ශාරදා සහභාගි වූ 'මතක පද' සම්පූර්ණ සංවාදය මෙතැනින් නරඹන්න.

Back to top
Go to bottom

Popular News