lan englan tam

C Chatඑක

මේ රටේ කලාව ගැන කවදාවත් තෘප්තිමත් වෙන්න බැහැ...

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මේ රටේ කලාව ගැන කවදාවත් තෘප්තිමත් වෙන්න බැහැ...

නිතර නිතර පේන්න නොහිටින රොෂාන් "සහෝදරයා" එක්ක මේ දවස්වල අපිට මුණ ගැහෙනවා.

මං කොහොමත් ජාමය බේරගෙන තමයි ඕනෑම නාට්‍යයකට රංගනයෙන් දායක වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඒ නිසා මං රංගනයෙත් විශාල වශයෙන් නැහැ. නමුත් මට අවශ්‍ය නාට්‍යවල ඉන්නවා. මං කොහොමත් බොරු හිස් චරිත රඟපාන්නේ නැහැ.

සහෝදරයා තුළ ඔබට ලැබුණු අවස්ථාව රංගන ජීවිතයේ වෙනස් අවස්ථාවක් කියලා හිතනවද?

ඔව්. අවුරුදු 20ක් ඇතුළේ මට ලැබුණු හොඳ චරිතයක් ඒක. අනෙක් කාරණය ඒ චරිතය ජීවමාන චරිතයක්. ඕනෑ තරම් හමුවෙන, ඇත්ත ලෝකයේ ඉන්න චරිතයක්. ඒ චරිතය පෞද්ගලිකව ගත්තත් අපි හැමෝම අත්විඳින අත්දකින චරිතයක්. නාමල් ජයසිංහ මාව ඒ චරිතයට තෝරා ගැනීමත් මට සතුටක්.

ඔබ ඒ චරිතය තුළ විශිෂ්ට සාධාරණයක් කරනවා කියලා බොහෝ දෙනෙක් කියනවා. කොහොමද ඔබ ඒ සාධාරණය කරන්නේ?

ඒ මම අර කිව්ව අවුරුදු 20ක් ඇතුළේ ලබාගත්ත පළපුරුද්ද. අනෙක ඔය චරිතය වටා තියෙන දේශපාලන තත්ත්වය තමයි මම අත්විඳිමින් ඉන්නේ. ඒ නිසා මම හිතන විදියට මට පහසු වුණා ඒ චරිතයට අවතීර්ණ වෙන්න.

මේ චරිතය පිළිබඳ ඔබ තෘප්තිමත් කියන එකද ඒකේ තේරුම?

නැහැ. නැහැ. මැරෙනකල් අපිට බැහැ තෘප්තිමත් වෙන්න කිසිම දෙයකින්. අනෙක මේ රටේ කලාව ගැන කවදාවත් තෘප්තිමත් වෙන්න බෑ. අපි කොයි තැනකටද සාපේක්ෂ කර ගන්නේ. බොලිවුඩ්ද? කොලිවුඩ්ද?

ඒ නිසා අපිට හැකි දේ කරලා අපි පාඩුවේ ඉන්නවා.

කිසිම රජයක් මේවා වෙනුවෙන් පෙනී ඉඳලා නැහැ. ආට් කියන එක අවශ්‍ය ඇයි කියලා කිසිම කෙනෙක් තේරුම් ගන්නේ නැහැ. රටේ කොහෙද නිශ්චිත අදහසක් තියෙන්නේ. කවුද තෘප්තිමත්. දේශපාලකයන් පමණක් තෘප්තිමත් ඇති සමහරවිට. දවසක් මගෙන් දේශපාලකයෙක් අහනවා රඟපාලා හරියනවද රැකියාවක් කරන්නේ නැද්ද කියලා. එහෙම රටක් මේක. ඉතින් කොහෙන්ද තෘප්තියක්.

ඇයි රජයත් මේ කාරණාවලට මැදිහත් නොවන්නේ?

මෙහෙමනේ, සරල උත්තරය ප්‍රතිපත්තියක් නැහැ. සෞඛ්‍යටවත් ප්‍රතිපත්තියක් නැති රටේ කලාවට ප්‍රතිපත්තියක් තියෙයිද? හැම රජයකින්ම කළේ මේ ටික තමයි. ඉතින් හේතුව අහන්න ඕන රජයෙන්මයි.

sahodaraya set 1ඔබ තෝරා බේරාගෙන රඟපෑම තුළ මුහුණ දෙන ගැටලු ඇති නේද?

ඔව්. ආර්ථික ගැටලු එමටයි. කාටත් තියෙන්නේ ඒ ගැටලුමයි. නමුත් මට මේ ආත්මය පාවලා දෙන්න බෑ. මං මේ හැඩයට හුරුවෙලා. ඇබ්බැහි වෙලා. මටත් තේරිලා තියෙන්නේ මේ ක්‍රමය එක්ක මේ රටේ ජීවත් වෙන්න බෑ කියලා. නමුත් මම ප්‍රතිපත්තිවලට එහා දේවල් කරලා නැහැ.

"සහෝදරයා" ඔබ කියවා ගත්ත විදිහක් තියෙනවද?

යටි අරුත පිළිබඳව මං කියන්න යන්නේ නැහැ. නමුත් මාධ්‍යවේදීන්ට වුණු දේවල් කතා කරනවා. මේ රටේ ඇත්ත දේශපාලනය පිළිබඳ කතා කරනවා. ඒක ප්‍රේක්ෂකයා කියවා ගනියි. අපි අර්ථකථනදීම වැඩක් නැහැ.

පසුගිය කාලේ දේශපාලන වේදිකාවල කලාකරුවන් වැහි වැහැලා හිටියා. ඔබටත් ආරාධනා එන්න ඇති සහෝදරයා ටෙලි නාට්‍යය නිසා?

ඔව්. ඔව්. නමුත් මට එහෙම යන්න බැහැ. මට ඒ මොහොතට විතරක් පෙනී ඉඳලා අයින් වෙලා වරප්‍රසාද ලබා ගන්න බැහැ. මම කලාකරුවෙක් විදියට ඔය පක්ෂවල ඉඳගන්න බැහැ. නමුත් මට දේශපාලනයක් තියෙනවා. ඒ දේශපාලනය තුළ මං සදාකල් පෙනී සිටිනවා. එක එක අවස්ථාවල පෙනී සිටිනවාට වඩා.

'සහෝදරයා' වගේ දේශපාලන කියවීමක් තිබෙන නාට්‍යයක් විකාශය කිරීමට අවකාශය ලැබීම ඔබ මොන විදියටද දකින්නේ?

මේ වෙලාවේ ජාතික නාළිකාවක මෙහෙම ටෙලි නාට්‍යයක් ප්‍රදර්ශනය කිරීමම වැඩක්. හැම රජයක්ම තමන්ගේ වැරදි වහ ගන්න තමයි මාධ්‍ය පාවිච්චි කරන්නේ. හරියට පොලිසියේ වැරදි පෙන්වා සිටින්න බැහැ. කලා මාධ්‍යයක් තුළට වාරණ ගේනවා. නමුත් යම්කිසි මට්ටමක පැවැති හා පවතින දේශපාලනය සම්බන්ධව කතා කරන සහෝදරයාට ඉඩක් දීම වටිනවා.

සහෝදරයා සමාජය තුළ කතාබහට ලක් වෙන්න ඉඩක් හැදුණේ "කූඹියෝ" නැවත හදපු ප්‍රේක්ෂකාගාරය නිසා කියලා හිතෙන්නේ නැද්ද?

නැහැ. ඒක එහෙම කතා කරන්න බැහැ. නමුත් කූඹියෝ කියන්නේ මේ වෙලාවේ ආට් එක එක්ක එළියට ආපු මරු වැඩක්. මං ආදරය කරන ආට් එක කූඹියෝ තුළ තියෙනවා. කූඹියෝ කියන්නේ සලකුණක්. මීට පෙර නාට්‍ය තිබිලා තියෙනවා. නමුත් මෙගා ගොඩ අස්සේ ඉඩක් හිමිකර ගත්ත නාට්‍යයක්. ඊට වඩා සහෝදරයෝ වෙනස්.

sahoනාට්‍ය කලාවට තිබෙන ඉරණම වෙනස් කරන්න බැරිද?

කාගේ හරි ඇමැති කෙනෙක් ළඟ නැළවෙන්න හරි සෙල්ලම් බඩු එක්ක සෙල්ලම් කරන්න හරි චැනල්වල පෙනී ඉඳලා අපේ අයම විහිළුවක් වෙලා. ඉතින් ගනන් ගන්නේ නැහැ.

රජයට ඒක තේරුම් කරන්න එයාලට බැහැ. හැබැයි රජය තේරුම් අරගත්තට නොතේරෙනවා වගේ ඉන්නවා. අනෙක ඉහළ තැන්වල ඉන්න අයත් කලාව වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. අඩුම තරමේ එයාලා වෙනුවෙන්වත්.

ඉදිරියේදී රොෂාන් රවින්ද්‍ර මොන භූමිකාවක ඉඳීද?

අධ්‍යක්ෂවරයෙක් විදියට ඉන්න පුළුවන්.

අවුරුදු 20ක් ඇතුළේ රංගනය තුළ හොඳම චරිතය කරලා ඉවරද?

නැහැ. ඒක ඉස්සරහට කරයි.

Back to top
Go to bottom

Popular News