ඉන්දියාවේ ඔරිස්සාහි නාට්‍ය චේතනා ආයතනයේ නිර්මාතෘ සුබෝධ් පතිනායක් නාට්‍යවේදියාගේ ආරාධනයක් මත පසුගිය පෙබරවාරි 5 වැනිදා සිට 10 වැනිදා දක්වා ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වූ බුබනේශ්වර් සිට කිලෝමීටර 35 ක් එපිටින් පිහිටි ගම්මානයක පිහිටුවා තිබෙන නාට්‍ය ග්‍රාම් නමැති ප්‍රජා සංස්කෘතික ආයතනයට යාමට මට අවස්ථාවක් ලැබුණි.
නාට්‍ය ග්‍රාම් යන නමින් ප්‍රකට මෙම නාට්‍ය ග්‍රාමය දිගු කාලයක් තිස්සේ සුබෝධ්ගේ සිහිනයක් තුළ වර්ධනය වූ සංකල්පයකි. එම සිහිනය සැබෑ කර ගන්නට ඔහුට 1990 වසරේදී හැකි විය. ඔරිස්සා ප්‍රාන්ත රජයෙන් ඉතා දුෂ්කර ගම්මානයකින් ලැබුණු අක්කර 7 ක් පමණ වූ ගහක් කොළක් නොතිබුණු හිස් ඉඩම සංවර්ධනය කර නාට්‍ය වේදිකාවක්, නාට්‍ය කෞතුකාගාරයක්, පුස්තකාලයක්, නේවාසිකාගාර 5 ක්, මුලුතැන්ගෙයක් සහ නාට්‍ය පුහුණුවීම් ශාලාවක් එකින් එක ක්‍රමක්‍රමයෙන් ගොඩනගාගැනීමට ඔහුට හැකිවිය. අවට ජීවත් වන ග්‍රාමීය ප්‍රජාව මෙන්ම ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශවලින්ද පැමිණෙන නාට්‍ය ශිල්පීන්ද සහභාගි වන වාර්ෂික නාට්‍ය උළෙලක් සහ සම්මන්ත්රණ මාලාවක් පැවැත්වීම මෙහි අඛණ්ඩව සිදුවෙයි. නාට්‍ය චේතනා නාට්‍ය කණ්ඩායම පාපැදිවලින් ග්‍රාමීය ප්‍රදේශවලට ගොස් නාට්‍ය දර්ශනද අඛණ්ඩව පවත්වති. මෙහි දක්වන ඡායාරූපවලින් දැක්වෙන්නේ එම නාට්‍ය ග්‍රාමය යි. මෙය සුඛෝපභෝගී තැනක් නොවේ. එහෙත්, සාමාන්‍ය ග්‍රාමීය ප්‍රජාව හා බෙදාහදා ගන්නා නාට්‍ය රසයක් සහ දැනුමක් මෙමගින් ජනිත කරයි. ප්‍රජා සංස්කෘතික මධ්‍යස්ථානයක් ගොඩනැගීම සඳහා කලක සිට මගේ හිතේද පවතින සිහිනය සැබෑ කර ගන්නට ඔරිස්සාහි නාට්‍ය ග්‍රාමයෙන් ලැබුවේ අපරිමිත අද්දැකීමකි.
පරාක්‍රම නිරිඇල්ල
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
https://mirrorarts.lk/ar/life/notes/4828-orissa-190220#sigProId58c11b0dd4