පුතුනේ නිදන්න
දස මසක් මා කුස තුළ ගුලි වී
සිටියා මෙන් ඔබ නිදන්න
ස්වර්ණා මල්ලවාරච්චි ප්‍රධාන චරිත රඟපෑමෙන් දායක වන 'රාණි' චිත්‍රපටයේ ගීතයේ මෙසේ සඳහන් වේ. චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය මේ වන විට එළිදක්වා තිබේ.
ශ්‍රී ලංකාව තුළ 80 දශකය තුළ පැවති භීෂණ සමයේදී ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ මව් වන මනෝරාණි සරවනමුත්තුගේ චරිත කතාව ඇසුරෙන් නිර්මාණය කරන ලද සිනමා පටය නුදුරේම එළිදැකීමට නියමිතය.
චිත්‍රපටයේ අධ්යක්ෂ විසින් නිර්මාණය කරන ලද සාර්ථක චිත්‍රපටය බවට 'රාණි' මේ වන විටද පුරෝකථනයට ලක්ව තිබේ.
චිත්‍රපටයේ ගලා යෑම කොතරම් හැඟීම්බරද යත් එයට තමන් විසින් රචනා කරන ලද ගීතයක් යෙදීමට පවා අදහස් තමන්ට පහළ වූයේ සංස්කරණ කටයුතුත් අවසන්ව චිත්‍රපටය සමග ඇති වූ හැඟීම්බර වීම උඩ බව 'රාණි' අධ්යක්ෂ අශෝක හඳගම මීට පෙර පවසා තිබිණි.
ස්වර්ණා මල්ලවාරච්චි චරිතාංග, ප්‍රවීණ රංගන ශිල්පිනිය දශක දෙකකට අධික කාලයක් මුළුල්ලේ දකින හීනයක් වන 'රාණි' ගීතයේ සංගීත හඬ මුසුව රෝහණ වීරසිංහගෙනි. චිත්‍රපටය Lyca Productions Lanka ඉදිරිපත් කිරීමකි.