25 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංගීත විශාරදවරයෙක් ගංගොඩවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් රුවිනි ජයවර්ධන නියෝග කළාය.
දෙහිවල කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාරිය කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ඉකුත් මස 23 වෙනි දින කරන ලද පැමිණිල්ලක් නුගේගොඩ කොට්ඨාස හා ළමා කාන්තා කාර්යාංශය වෙත යොමු කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කර ඇත.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ-Lankadeepa)