ලෝකයේ දියුණු රටවල සාහිත්‍ය ක්ෂේත්‍රයට විශාල ඉන්ඩස්ට්‍රියක් තිබේ. මෙරට දොදොල්වල සිට ජුජුබ්ස් දක්වාම ඉන්ඩස්ට්‍රි තිබේ. සාහිත්‍යයට එවැනි දෙයක් නොතිබේ. ඉන්ඩස්ට්‍රියක් බිහිවීමට මාකට් එකක් අවශ්‍ය වේ. මාකට් එකක් නිර්මිත වීමට මාකටින් අවශ්‍ය වේ. අනතුරුව ඉල්ලුම අනුව සැපයුම දියත් වේ. ඔබ දන්නවාද ? ලාංකේය සාහිත්‍යයේ ඉතා අනගි කෘති බොහෝමයක් ඒවායේ තුන්වැනි මුද්‍රණයවත් සිදු කර නැත. නිකමට ගෙදර පොත්ගුලේ ඇති පොත් පිරික්සා බලන්න. මෙරට ලේඛක ලේඛිකාවන් බොහෝමයක් උන්නත් ඔවුන් බහුතරය තම පොත්වල පළමු මුද්‍රණයේ පොත් පන්සීය හෝ දාහක්වත් ජීවිත කාලය පුරා විකුණාගන්නට අසමත් වේ. හේතුව ඉල්ලුමක් නැතිකමය. ඉල්ලුමක් නැති දේකට සැපයුමක් මක්කට ! හේතුව සාහිත ඉන්ඩස්ට්‍රියක් නොමැතිකමය.
පොතක් වැඩි වැඩියෙන් විකිණෙනවානම් අනෙකුන් තරාතිරම හෝ පෞද්ගලික ඇරියස් කරුණු නොතකා ඊට සතුටු විය යුත්තේ ය. මත්ද්‍රව්‍ය ඉන්ඩස්ට්‍රිය පවා සෑහෙන දියුණු රටක සාහිත්‍ය ඉන්ඩස්ට්‍රිය ඊටවඩා දියුණු කළ යුතු ය. පාඨකයන් පෝළිම් ගැසී 'පොතක්' මිලදී ගැනීමට ඒම අනාගත සුබ නිමිත්තක් වන්නේ එහෙයිනි. ලංකාවේ බහුතර ලේඛකයන් චින්තනමය වශයෙන් සහ මූල්‍යමය අතින් අන්ත දුගියන් ය. ලෝකයේ සුප්‍රකට ලේඛකයන්වන පාවුලෝ කොයියෝ, ජේ.කේ. රෝලිං, චේතන් භගත් වැන්නන් අතිශය පොහොසත් ධනපතියන් ය. ඔවුන්ට පෞද්ගලික ජෙට් යානා, පෞද්ගලික දූපත් පවා තිබේ. අපට ඇත්තේ මොනවාද !
ඊට හේතුව එකී රටවල ලියන්නන් උදෙසාත්, පොත් උදෙසාත් සුපිරි මාකට්ටෙකක් සහ ඉන්ඩස්ට්‍රියක් පැවතීමය. ඉතිං මතු දිනෙක මේ රටට එසේ අවශ්‍ය නොවේද ? ලේඛකයන් සැමදා යාචකයන් වී ඔවුන්ට පොතක අගයෙන් 10% පමණක් දෙන කළු කඩ ප්‍රකාශකයන් පමණක් පොහොසතුන් විය යුතු ද ? පැහැදිලි ද ? ඔබ නිදහසේ සිතන්න.
ජීවිතේ පුරා ලී කිසි පොතක් මුද්‍රණවාර දෙකක්වත් නොවිකුණුනු කවුරුන්ද ලේඛකයෙකු ෆේස්බුකියේ ලියා තිබුණේ මෙමා 'මාකටින් මුදලාලියෙකු' බැව් ය. එය මට අතිමහත් ගෞරවයකි. මා ඔවුන් මෙන් මේක අපේ විතරක් බූදලයක් කියා සිතමින්, මෙලෝ යකෙක් නොකියවූ පොත් හමස් පෙට්ටියේ ඇඳ යට දමා, අහිංසක කොල්ලන්ට කෙල්ලන්ට වල කපා, මිය යාමට කැමැති නැත. මට ඕනා ශ්‍රී ලාංකේය සිංහල සාහිත්‍යයට වෙළඳ වටිනාකමක් සහිත ඉන්ඩස්ට්‍රියක් බිහි කිරීමට ය. කොල්ලො කෙල්ලන්ට අත දිගහැර අකුරු ලියා ඒවා විකිණෙන්නට මාකට්ටුවක් නිර්මාණය කිරීමට ය. එම පොත් ලොව පුරා ජනී ජනයා පොරකමින් මිලදී ගෙන කියවනවා දැකබලාගෙන සතුටු වීමට ය. ඔව් මාකටින් මුදලාලියෙකු වී එවැනි මුදලාලිලා, මුදලාලිනීලා සිය දහසක් බිහි කිරීමට ය. ඉතිං ඔබට පැහැදිලි ද අපට එවැනි ඉන්ඩස්ට්‍රියක් එපා යැයි කියන්නේ, මඩ ගසන්නේ, කුණුහරුප කියන්නේ මොන තරම් කුහක පසුගාමී දුගී ඇරියස්කරුවන් ද !
අනාගතයේ බිහිවන ලාංකේය ලේඛකයා හචා මල්ල ලෝගුලාගෙන, මුහුණ කට නොසෝදා අනෙකාගේ අඩුපාඩු සොයන ඇරියස් ජීවියෙකු නොවිය යුතු ය. ඔහුට ප්‍රකාශනයේ නිදහසත්, විලාසිතා කිරීමේ නිදහසත්, චින්තනයේ හා භාෂණයේ නිදහසත් තිබිය යුතු ය. ඔහුට පෞද්ගලික වාහනයක් තිබිය යුතුය. ඔහු බාර් ගානේ ගොස් අනෙකාගෙන් ණයට බිබී මිනිසුන්ට වාතවන්නෙකු නොවිය යුතු ය. ඔහු බ්‍රෑන්ඩඩ් දෑ භාවිතා කළ යුතු ය. හෙතෙම ගෙයි ගෙම්බෙකු නොවී කොයියෝගේ ඇල්කෙමිස්ට් වැනි සැරිසරන්නෙකු විය යුතු ය. කෙටියෙන්ම කියනවා නං ඔහු තමන්ගේ ජීවන විලාසිතාවක් උරුම කරගත්, අනෙකාට යටි සිතින් ඊරිසියා නොකරන 'යුනික් මිනිසෙකු' විය යුතු ය !
වල්මුල් උගුල්ලා අලුත් මල් සිටුවා මෙරට සාහිත්‍ය ඉන්ඩස්ට්‍රියක් බිහි කිරීමට තරුණ කොල්ලන්ට, කෙල්ලන්ට ආත්මීය ශක්තිය ලැබේවා ! පොත් හොඳින් විකිණෙන බුද්ධිමත් රටක පුරවැසියන් වීමට අපට වාසනා වේවා ❤️
| කසුන් මහේන්ද්‍ර හීනටිගල