lan englan tam

පුවත්

පිටපත ලැබුණම ඒකට වැඳලයි කියවන්න පටන්ගත්තේ; නිසල හෙට්ටිආරච්චි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

හර්ෂ උඩකන්දගේ අලුත්ම සිනමා නිර්මාණය 'රෝස ආදරය' සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතයෙන් දායක වන නළුවා වන්නේ නිසල හෙට්ටිආරච්චි වේ.

නිසලගේ සිනමා ආගමනය සිදු වන්නේ 'රෝස ආදරේ' කෙරිණි. ඒ ශ්‍රී ලාංකේය සිනමාව තුළ සාර්ථකත්වයට පත් වූ ජනප්‍රිය නිළියන් අතරින් තරුණ පරපුර අතර ජනප්‍රිය දිනක්ෂි ප්‍රියසාද් සමගිනි.
තමන් සිය රංගන අවස්ථාවට කැප වූ අයුරු නිසල පසුගිය 'සරසවිය' සාකච්ඡාවකට එක් වෙමින් මාධ්‍යවේදිනී නයනාංජලී දෙහිපිටිය සමග පවසා තිබුණේ මෙසේය.
"නාකොලොප්සි (නිද්‍රාලූව) යන රෝගයෙන් පෙළෙන තරුණයෙක් වටා ගෙතුණු කතාවක් කියවෙන්නේ. අනූජ් කියන තරුණයාගේ චරිතයට තමයි මම පණපොවන්නේ.
මම නාකොලොප්සි රෝගය පිළිබඳ පවා සොයා බැලුවා. අනූජ් කියන චරිතයට මම රූගත කිරීම්වලට පෙර සිටම සූදානම් වුණා. හෝම්වර්ක් කළා කිව්වොත් නිවැරැදියි. රූගත කිරීම්වලදීත් මම ඒ චරිතයට කිඳා බැහැලම කළා. මට ඕන වුණේ අනූජ් කියන චරිතය මිනිස්සුන්ට දැනෙන විදිහට කරන්න. ‍රඟපාන්න කලින් අධ්‍යක්ෂ හර්ෂ උඩකන්ද සමඟ කතාබහ කළා චරිතය ගැන. චරිතයේ හැඩය කෙසේ විය යුතුද කියලා." නිසල එසේ පවසයි.

https://sarasaviya.lk/%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b6%bd-%e0%b7%84%e0%b6%af-%e0%b7%83%e0%b7%83%e0%b6%bd-%e0%b6%9a%e0%b7%85-%e0%b6%bb%e0%b7%9d%e0%b7%83-%e0%b6%86%e0%b6%af%e0%b6%bb%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8/

Back to top
Go to bottom