ධර්මසිරි ගමගේ ගුණ සමුරුවට “සිහින නෙලුම් මල්” පිපෙයි
ප්‍රවීන මාධ්‍යවේදී, ගේය පද රචක ධර්මසිරි ගමගේ 15 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් “සිහින නෙලුම් මල්” නමින් උළෙලක් පැවැත්වීමට නියමිත ය.
එම උත්සවය එළඹෙන 4 වැනිදා පස්වරු 2.30 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවැත්වෙනු ඇත.
ආචාර්ය නන්දා මාලිනි, ආචාර්ය වික්ටර් රත්නායක, විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, විශාරද ජගත් වික්‍රමසිංහ, විශාරද ජානක වික්‍රමසිංහ, කීර්ති පැස්කුවල් සහ සාරංග දිසාසේකර එදින ගායනයෙන් එකතුවන අතර සංගීතය රන්ජිත් බාලසුරිය විසිනි.
මහාචාර්ය කෝලිත භානු දිසානායක සහ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර උළලේ ප්‍රධාන දෙසුම් පවත්වනු ලැබේ.
ධර්මසිරි ගමගේ ගුණ සමරුව නිමිත්තෙන් සංවිධාන කළ නිර්මාණ තරගාවලියේ ජයග්රාහකයින්ට එදින ත්‍යාග සහ සහතික පත් ප්‍රධානය කිරීමට නියමිත ය. එසේම ජයග්‍රාහී නිර්මාණ ඇතුලත් කාව්‍ය ග්රන්ථයක්, කෙටි කතා සංග්‍රහයක් සහ ළමා කතා පොත් දෙකක් ද එහිදී එළිදැක්වේ.