"නිර්මාණයකට වටින්නේ නිදහස. චිත්‍රපටියක් කරන්න නිදහස තියෙනවා කියන එකේ දෙපැත්තක් තියෙනවා. පරිකල්පන ශක්තිය වැඩි කරගත්ත කෙනාට වාරණය වැඩිවෙන තරමට හොඳ නිර්මාණයක් බිහිවෙනවා. වාරණය කියන එකත් අවශ්‍යයයි. මානසික නිදහස තමයි අංක 1. තාත්තා සිංදු අහනවා, මම ඒ සිංදුවල තේරුම හොයනවා. ඒකත් එක්ක තමයි පෙළඹවීම ආවේ."
යනුවෙන් පවසමින් මෙවර 'මිරර් ආට්ස්' සංවාදයට මනෝහාරි හේවාවසම් සමග එක් වන නිර්මාණකරුවා වන්නේ අමල් අල්විස්ය.
Swans by the Sea චිත්‍රපටය කරමින් නුදුරේම ශ්‍රී ලාංකික සිනමා ප්‍රේක්ෂකයා වසඟයට ගැනීමට අපේක්ෂා කරන මෙම නිර්මාණකරුවා සිය චිත්‍රපටයත්, ක්ෂේත්‍රයත් සහ ජීවන අත්දැකීමුත් කදිම ලෙස පූරකවරිය සමග බෙදා ගත්තේය.
"ටෙලිවීව් එක තුළින් මට හොඳ අධ්‍යක්ෂකවරු හමුවුණා. සහය අධ්‍යක්ෂකවරයෙක් විදිහට තමයි මම ක්ෂේත්රයට එන්නේ. ටෙලිනාට්‍ය කරපු ගාණට වඩා මට වැදගත් ඒ අත්දැකීම. මගේ පරිකල්පන ශක්තියෙන් හදාගත්ත දෙයක් අත්හදා බලන්න 'යා ටීවී' එකේ නිදහස තිබුණා."
යනුවෙන් ඔහු තම නිර්මාණකරණයේ පියවර ගැන පවසයි.
"සයුරේ රළ සේ" යනු අමල් රචනා කළ පළමු ගීතය වේ. සිය තිර රචනා හැකියාව ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ අශෝක හඳගම හේතුවෙන් දියුණු වූ අතර Swans by the Sea - ඔබේ ඇය ඇගේ ඔහු අමල්ගේ පළමු චිත්‍රපටිය වේ.
"ඕස්ට්‍රේලියාවේ දේශගුණය, පරිසරය, සීතල ගොඩක් බලපෑවා මගේ පරිකල්පන ශක්තිය වැඩි කරගන්න. මගේ නිෂ්පාදකවරයා අද වෙනකල් දන්නේ නැහැ මම මොකද්ද කරපු ෆිල්ම් එක කියලා. මේකේ නළු නිළියෝ ගැන එයාට ලොකු දැනුමක් නැහැ. මගේ නිෂ්පාදකවරයා නැවත ෆිල්ම් කරයිද කියලා මම දන්නේ නැහැ. නමුත්, මගේ උපරිමය මම කළා.
සිනමාව තුළ තියන අර්බුදයට මම මුහුණ දීලා නැහැ. මම දැන් ඒකට මුහුණ දෙනවා. එතකල් අර්බුදයක් තියනවාද නැද්ද කියලා හොයලා නැහැ.
සමහර අය ට්‍රේලර් එක බලලා ෆිල්ම් එක බැලුවා වගේ කතා කරනවා. නිෂ්පාදකයාට සියලුම චිත්‍රපටි වාණිජ තමයි. හංසවිලක්, දුහුළු මලක්, එක්ටැම්ගේ වගේ චිත්‍රපට දැන් කරොත් කොහොම කරයිද කියලා හිතලා තමයි මම මේ චිත්‍රපටිය කළේ."
යනුවෙන් අමල් වැඩිදුරටත් සංවාදයේදී පවසයි.