ජනප්‍රිය බොලිවුඩ් නළු සල්මන් ඛාන් රංගන දායකත්වය ලබාදෙන 'ටියුබ්ලයිට්' කබීර් ඛාන් තිර රචනය කර අධ්‍යක්ෂණය කරන ලද්දකි.
සල්මන් ඛාන් නිෂ්පාදනය කරන ලද 'ටියුබ්ලයිට්' චිත්‍රපටයේ ඇති තවත් විශේෂත්වයක් නම් මීට ආරාධිත රංගනයකින් කලකට පසු සුපිරි බොලිවුඩ් නළුෂාරුක් ඛාන් එක් වීමයි. මේ ඒ පිළිබඳව සල්මන් ඛාන්
සමගින් ෆිල්ම්ෆෙයාර් සඟරාවේ සුමන් ෂර්මා කළ කතාබහක් ඇසුරින් තබනා සටහනකි.
Q ඔබ වැනි කෙනෙකුට 'ටියුබ්ලයිට්' චිත්‍රපටයේදී ලැබුණු චරිතය අසීරුයි නේද?
(සිනාසෙමින්) මම කොහොමත් දැකුම්කලු කෙනෙක් නෙමෙයි. මම මට කියාගන්නෙත් ටියුබ්ලයිට් කියලා තමයි. කොහොම වුණත් මම අවුරුදු 52ක් පුරා ලෝකය දැක්කා. විවිධාකාරයේ මිනිස්සු හමුවුණා.
අවිහිංසකත්වය අහිමි වුණා. හැබැයි මේ චරිතයට අවතීර්ණ වීම තරමක් අපහසු වුණා නම් තමයි. අනික මෙවැනි චරිත කළාම එවැනි චරිත අපි දිහා අවධානයෙන් බලනවා.
ඒ නිසා ඒ ගැන සවිඥානික විය යුතුයි. මට මගේ ළමා කාලයේදී මෙවැනි ගැඹුරු අත්දැකීම් ලැබුණා. මට මතකයි සොහෙල් ඛාන් එක්ක මම ගත කරපු ළමා කාලය. මම මතක් කරගත්තා මගේ පාසල් කාලයේ යහළුවන්ව. නැවත එකතු කළා මම ගත කරපු ඒ කාලය.
ඒ නිසා ඇත්තටම ඒ විනෝදාත්මක ළමා කාලයට යන්න ලැබීම හරිම සතුටක්. අපේ ගෙදර ගොඩක් ළමයි හිටියා. හැබැයි මේ චිත්‍රපටයේදි අපි පරිස්සම් වුණා. මොකද මේක සංවේදී චිත්‍රපටයක්.
Q සංවේදී චිත්‍රපටයක්?
ඔව්. ඒක ඇත්ත. ඒ නිසා රූපණය හුඟක් ලේසි වුණා. ඒත් සැබෑ සහෝදරයකු වුණත් කියන ආකාරයේ සංවේදී දෙබස් තමයි මෙහි තියෙන්නේ.
Q ඔබ කබීර් ඛාන් එක්ක මීට කලිනුත් චිත්‍රපට කරල තියෙනවා. 'එක් තා ටයිගර්', 'බජ්රංගි බයිජාන්' ඉන් විශේෂයි. කොහොමද ඔබයි ඔහුයි අතර තියෙන සබැඳියාව?
අපි 'එක් තා ටයිගර්' චිත්‍රපටය නිර්මාණය කරන්න කලින් ඉඳන්ම දන්නවා. මම ඔහුගේ 'කාබුල් එක්ස්ප්‍රස්' දැකල තියෙනවා. එතකොට තමයි මම කත්රිනාට කිව්වේ ඔහු එක්ක'නිව්යෝර්ක්' චිත්‍රපටයේ වැඩ කරන්න කියලා. නමුත් ඇයට ඕන කළේ නැහැ. හැබැයි දැන් ඇය ඔහුගේ ලොකු හිතවතෙක්. අනික කබීර් නරක චිත්‍රපටයක් ගෙනාවොත් මම රඟපාන්නේ නැහැ. එහෙම වුණේ නැහැ.
මමත් ඒ නිසා මගේ උපරිමය ඔහු වෙනුවෙන් ලබා දුන්නා. ඔහුත් මම එක්ක සහයෝගයෙන් වැඩ කළා. අපි හොඳ අවබෝධතාවයක් ඇතුවයි වැඩ කළේ. අදහස් බෙදාගෙනයි කටයුතු කළේ.
මොකද අපි දෙන්නම වෙනස් විදිහට හිතන දෙන්නෙක්. අනික ඔහු මුලින් සිනමාවට ආවේ වාර්තා චිත්‍රපට ශෛලියෙන් සිනමා කෘති නිර්මාණය කරන්න. ඔහුට ඕන කළේ යථාර්ථවාදී චිත්‍රපට කරන්න. හැබැයි මගේ අභිප්‍රාය වෙන දෙයක්. ඒ නිසා සිනමාවේ දී අපි හිටියෙ තැන් දෙකක. අපේ අවබෝධතාව මෙතැනදි හුඟක් වැදගත් වුණා.
Q සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මීට රංගනයෙන් දායක වෙනවා?
ඔහුට තිබුණේ එක් දිනයක වැඩක්. ඔහු එන්නෙම චිත්‍රපටයේ තීරණාත්මකම මොහොතේදී. එය තමයි මගේ චරිතයේ හැරවුම් ලක්ෂ්‍යය.
Q 'බහුබාලි 2' චිත්‍රපටය කෝටි 1700 ඉක්ම වූ ආදායමක් උපයා ගත්තා. ඒ වාර්තාවත් 'ටියුබ්ලයිට්' චිත්‍රපටය බිඳ දමාවි ද?
මට ඒ ගැන නම් සැකයක් තියෙනවා. ප්‍රේක්ෂකාගාරය මේ චිත්‍රපටයට ආදරය කරාවි. ඔවුන්ට මෙය හඬ කැවූ චිත්‍රපටයක් වීම ප්‍රශ්නයක් නෙමෙයි. ඔවුන්ට මෙය දෙමළ හෝ තෙළිඟු වුණත් ගැටලුවක් නෙමෙයි.
Q සුපිරි තරුවක් වශයෙන් ඔබට මේ මොහොතේදී තියෙන අභියෝග මොනවාද?
මම සුපිරි තරුවක් නෙමෙයි. ෂාරුක් තමයි සුපිරි තරුව. ඒක රාජකාරියක්. ඒක හිතට ගත්තම ඔළුවටම කා වදිනවා. මම කරන්නේ මගේ වෘත්තිය.
Q සමාජ වෙබ් අඩවි ජාලවලින් එන මඩ ප්‍රහාර එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ?
මම මගේ ඉන්ස්ටග්‍රෑම් හෝ ට්විටර් ගිණුමක් බලන්නෙ නැහැ දැන්. ඔවුනුත් මිනිස්සු. ඔවුන්ට ඕනෑ විනෝදයක් ලබන්න. තමන්ට අනන්‍යතාවක් නැති නිසයි තරු එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ අනන්‍යතාවක් ගොඩනගා ගන්න හදන්නේ.
ඔවුන් හිතන්නෙ නැහැ ඒකෙන් ඔවුන්ගේ දෙමාපියන්ට කැලලක් ඇතිවෙනවා කියලවත්. මම නම් කම්පනය වුණා මෙහෙම මිනිස්සුන්ට හැසිරෙන්න පුළුවන්ද කියලා දැනෙද්දි. කොහොම වුණත් මට මිලියන 55ක රසික රසිකාවියන් ඉන්නවා සමාජ මාධ්‍ය ජාලා හරහාත්. නමුත් සැබෑ අනන්‍යතාවක් ඇති පුද්ගලයන් එතැනින් සිටින්නේ ලක්ෂ 4ක් පමණයි. ඔවුන් විතරයි මට අදාළ.
Q ඔබ ඔබේ ඉලක්කවලට දැන් ඇවිත් අවසන්ද? මොනවද තව ජයගන්න තියෙන්නේ?
මම ජීවත් වෙන්නේ මොහොතින් මොහොතට. ඒ නිසා ඊළඟ මොහොතේදී මගේ උපරිමය ලබාදීමටයි මම උත්සාහ කරන්නේ. මොකද ඊට පෙර මොහොතට වඩා වැඩි යමක් ඉන්පසු මොහොතේදී දිය යුතුමයි.
-අද-