සිංහල චිත්‍රපට වලට සිංහල දෙබස් ලියූ ප්‍රථම, ද්‍රවිඩ ජාතික එස්.ඒ.අලගේෂන්..හෙල සිනමාවේ අක්මුල් අතර සිටි,කාටත් අද වනවිට අමතක වී ඇති ඔහු,අලගේෂන් දැනට බත්තරමුල්ල ප්‍රදේශයේ ජීවත් වෙයි.
.ඔහුට තරම් සිනමාවේ අධ්‍යක්ෂකවරුන්ගෙන්,නිෂ්පාදකවරුන්ගෙන් වූ වෙනස්කම් වෙන කිසිම කෙනෙක්ට නොවන්නට ඇත..ඔහු සිනමාවට එනවිට ඔහුගේ වයස 23 කි..ලංකා චිත්‍රාගාරයේදී ලෙනින් මොරායස් මුන ගැසෙන්නේ ඔහුගේ දෛවයේ සරදමටය,ඔහුගේ මුල් තිරපිටපත වන්නේ "සිතක මහිම" චිත්‍රපටයයි.
.ඉන් ඇරඹි ඔහුගේ තිරපිටපත් විශාල සංඛ්‍යාවක් සිනමාවට දායාද කරයි.ඒ අනුව ස්වීප් ටිකට්,සුදු දුව,සූරයන්ගෙත් සූරයා,අභිරහස,ඔන්න මාමේ කෙල්ල පැනපි,රත්තරං මිනිහෙක්,හිතහොද ගැහැනිය,එදත් සූරයා අදත් සූරයා,හිතහොද මිනිහෙක්,ප්‍රවේසම්වන්න,හොදම වෙලාව,රෑ මනමාලී,සැනසුම,මගේ නංගි ශ්‍යාමා,හිත මිතුරා,ආදරෙයි මං ආදරෙයි,හොදයි නරකයි,දෙවියනි සත්‍ය සුරකින්න,ආදරේ නාමයෙන්,.ආදී වශයෙන් චිත්‍රපට 23කට ඔහු තිර රචනයෙන් දායක වු අතර කනගාටුදායකය කාරනාව වන්නේ චිත්‍රපටයේ තිරරචනයේ නමට ඔහුගේ නම නොදැමීමයි.
එකල ඔහු ද්‍රවිඩ ජාතිකයෙකු වූ නිසාදෝ සිංහල අධ්‍යක්ෂකවරු ඔහුගේ නම යොදන්නට අකමැති වන්නට ඇත,එය ඔහුට සිදු වූ මහා අසාධාරණයකි.ඒ අනුව ඔහු කොපමණ තිරරචනා කලද,ඔහුගේ නම තිරයේ වැටෙන්නේ අභිරහස චිත්‍රපටයෙනි.එසේම චිත්‍රපට සදහා ඔහු ලවා දෙබස් ලියවාගෙන වෙන අයගේ නම් චිත්‍රපටයට යොදයි.
එසේම ඔහුට ඊට සරිලන වැටුපක් හෝ නිෂ්පාදකවරු ලබා දී නැත,ඔහුගේ සිනමාවට තිබූ ඇල්ම නිසා ඔහු තව දුරටත් තිරරචනයේ යෙදෙයි.එසේම සමහර චිත්‍රපටවල ඔහුගේ නම සහය තිරරචනා ලෙස යෙදුවද සමහර නිෂ්පාදකවරු නම ද සූරා දමන්නට විය.
.ඔබ නොදන්නවා ඇත මෑතකදි තිරගත වූ ප්‍රවේගය චිත්‍රපටයේ දෙබස් රචනා කර ඇත්තේද මොහුය,නමුත් Title එකේ නම නැත,මොහු ද්‍රවිඩ ජාතිකයෙක් වීම නිසාදෝ ඔහුට අසාධාරණයක් වන්නේ,ගාමිණි ෆොන්සේකා හා ලෙනින් මොරායස් මොහුට ඉතා සමීපව කටයුතු කර ඇති අතර ගාමිණි අධ්‍යක්ෂනය කල නොමියෙන මිනිසුන් චිත්‍රපටයේ හඩකැවීම් සදහා මුල් පිටපත නොමැතිව මාස 3කින් නැවත එහි තිරරචනය ලියා දීමට ඔහු සමත්ව ඇත,එසේම ඔහු ලියන තිරරචනා සිංහල හා දමිල භාෂා දෙකෙන්ම ලියන්නට ඔහු සමත් ය,එසේම ලංකාවේ නිර්මාණය කල ද්‍රවිඩ චිත්‍රපට රැසකටද මොහු තිරරචනයෙන් දායක වී ඇත.
ඔහු චිත්‍රපට කිහිපයක සහය අධ්‍යක්ෂකවරයා ලෙසද කටයුතු කර ඇත. පසු කාලීනව ස්වර්ණවාහීනි මාධ්‍ය ආයතනයේ දමිල භාෂා වැඩසටහන් අංශයේ සේවය කල ඇති අතර එහි විකාශනය වූ ශකලක බේබී නම් විනෝදාත්මක ටෙලිනාට්‍යයේද දෙබස් රචක ඔහුය,එසේම මේ දක්වා කිසිම ඇගයීමක්,සම්මානයක්වත් මොහුට නොලැබීම බලවත් අසාධාරණයක් සේම බලධාරීන්ගෙ අවධානය මෙයට යොමු විය යුතු කරුනකි,සම්මානයක් හෝ දීමට එතුමා හදුනන්නේද නැත,මේ වන විට 72 වන වියේ පසුවන ඔහු දැන් ජීවිතයේ සැදෑසමය ගෙවමින් සිටින අතර ඔහු මේ වන විටද චිත්‍රපටයක් සදහා තිරරචනා කරමින් සිටී.
ඔහු ප්‍රකාශ කලේ *වර්තමානයේ සිනමා තාක්ෂණය දියුණු වුවද තිරරචනා තාක්ෂණය නොදියුණු බවයි* ඔහුට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර ඔහුගේ තිරරචනා තුලින් විශිෂ්ට ගනයේ සිනමා කෘති දැකගන්නට වාසනාවත්,ඔහුගේ නම දැකගැනිමට වාසනාවත් ප්‍රාර්ථනා කරමි.!
ඕෂාන් යාපා අමරසේකර