අපි අනාගතය සොයාගෙන , අතීතය අමතක කරලා වර්ථමානයේ ජීවත් වෙනවා. එහෙත් අපිට අතීතය අමතක කරලා අනාගතයට යන්න බැහැ.
අතීතයේ ඇතිවූ වෙනස් කම් , ඉපැදුනු දේ නැතිනම් අපට අනාගතයක් ඇතිවෙන්න විදිහක් නැහැ.හා හා පුරා කියා කඩදාසියක් මතට ඡායාරුවක් පතිත වූ දිනයෙන් පසු චලන රූපයක් යන්ත්රානුසාරයෙන් අප දැකගත් දා සිට විය නොහැකි දේ තවත් නැති බව මිනිසාට සිතෙන්නට ඇති.ඒ අතීතය ඉතා වටිනා සුන්දර අතීතයක් වෙන්නට ඇති.මුල් පුරුක් වලින් පසුව අවුරුදු ගණනාවක් ගතවූ අද වන විට සිනමාව ඇති තැනඅපට සිතාගැනීමට වත් බැහැ. නවීන තාක්ෂණය විසින් යාවත්කාලීන වූ සිනමාව තවමත් නොනවතින ගමනක යෙදී සිටින අතර , අප ලාංකීය සිනමාවේ අතීතය දෙස හැරී බලමු.
ගෝර්ඩන් සිල්වා නම් ඔහු උපත ලබන්නේ 1964 නොවැම්බර් 20 වනදාය . ඔහුට හරියටම වයස අවුරුදු 45 පිරෙන 2009 නොවැම්බර් 20 වනදා ඔහු හරි අපූරු වැඩක් කරනවා. තමන් කාලයක් තිස්සේ විනෝදාංශයක් ලෙක එකතු කොට ගත් සිනමාවේ අතීතය එකම ස්ථානයකට රැස් කොට පුංචි කෞතුකාගාරයක් විවෘත කරනවා. සෙලෝලොයිඩ් කටුගේ වූ එය “ද මියුසියම් සිනෙමායා” නමින් නාම ගැන්වෙනවා.ලංකාව පුරා සොයා යමින්ද , වරෙක ඔහුව සොයාවිත් ලබාදීමෙන්ද සමහර උපකරණ මිළදී ගැනිමෙන්ද තම කෞතුකාගරය වරින් වර අතීත සිනමා උපකරණ වලින් පොහොසත් කරන ඔහු මේ වන විට අතිශය පැරණි ඉතිහාසගත උපකරණ රාශියක හිමිකරුවෙක්. මේවායේ මුදල්මය වටිනාකම නොව මේවායේ ඉතිහාසගත වටිනාකම අමිලය
උපයාගත් මේ සියලු උපකරණද කැටුව ඔහු සැප්තැම්බර් 07 වනදා සිට 09 වනදා දක්වා ශ්රී ලංකා පදනම් ආයතනයට එනවා.ඒ එහි පැවැත්වෙන COINSචිත්රපට උළෙල හා ඒ ආශ්රිත වැඩසටහන් මාලාවට සමගාමීවයි.එහිදී ඔබට සිනමාවේ අතීතය තම දැසින්ම දැකගැනීමට හැකියි. තෝරාගත් සමහර උපකරණ ස්පර්ශ කොට පවා බැලිය හැකියි.
සිනමාවට ප්රිය ඔබත් එන්න සිනමාවේ අතීතය දකින්න , විඳින්න සැප්තැම්බර් 07 , 08 , 09 ශ්රී ලංකා පදනම් ආයතනයට. එහීදී ඔබට උගත හැකි බොහෝ දේ හමුවේවි. “ අපි , අපට පුළුවන් විදිහට සිංහල සිනමාව රැකගනිමු” ඒ ගෝර්ඩන් සිල්වා සහෘදයාගේ එකම පැතුමයි !
වැඩි විස්තර - ගෝර්ඩන් ද සිල්වා (0714064647)
©හසිත හේරත්