විශ්ව සාහිත්‍යධරයන් ගැන තොරතුරු සැකවින් හො දැනගැනීමට පාඨකයින්ට සහ ආධුනික ලේඛකයින්ට දැක ඉඩ සැලැස්වීම තුළින් ඇතිවන බලපෑම් සුළුසේ තැකිය නොහැකිය. ඔහුන්ගේ සාහිත්‍ය ග්රන්ථ නාට්‍ය, චිත්‍රපට කියවා බලා රස විඳීමෙන් ලබන ඇවැසිය යහපත් සමාජයක් ගොඩනැංවීමට අත්වැලක් වන්නේය. ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කලා නිර්මාණකරුවන්ගෙන් කීප දෙනකු ගැන ලිපි පෙළින් තවත් එකකි මේ.
ජෝර්- කාර්ෂෝ සහ ලුයින්ඩා එලිසබැත ගර්ලි නම් යුවලට දාව උපන් බර්නාඩ් ෂෝ නම් වූ දරුවා සාහිත්‍ය, සංගීත, කලා නිර්මාණකරණයට දැවැන්තයකු වූ බවත්, විශ්ව සාහිත්‍යයේ සුප්‍රකට අයකු බවට පත්වූ වගත්, පැවසුවහොත් එය නිබෙරුවකි. මොහු උපන්නේ අයර්ලන්තයේ ඩර්ලින් නමැති නගරයේය. ඒ 1856 ජුලි 26 දාය. ජෝර්- කාර්ෂෝ යනුවෙන් හැඳින්වූ පියාගේ නමේ මුල් වචනය එකතුකර මොහුට ජෝර්- බර්නාඩ් ෂෝ යනුවෙන් මුලදී ව්‍යාවහාර කෙරනුද පසුව බර්නාඩ් ෂෝ යනුවෙන් ප්‍රසිද්ධියට පත්වූයේය.
ගර්ලි මව සංගීත ශිල්පිනියක් වූ අතර නාට්‍ය චිත්‍ර කලාවන් කෙරෙහිද ඒ ක්ෂේත්රයේම රැඳීමට වරම් හිමිවිය. හුදෙක් ඒ මවගෙන් ලැබුණු ආභාෂය නිසා විය හැකිය. මීට අමතරව මවගේ සහෝදරයා නොහොත් බර්නාඩ් ෂෝ ගේ මාමා ගෙන්ද උසස් ඝනයේ සාහිත්‍ය කෘති කියවීමට ඔහුට ඉඩ ප්‍රස්ථාව සැලසුනි.
ළමාවියේ දී මවගේ රැකවරණය යටතේ අධ්‍යාපන කටයුතු කරමින් තරුණවියට පා තබන්ට දහසය වැනි වියේදී (16) එනම් 1872 දී පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක කාර්යාලීය ලිපිකරුවෙකු හා කැෂියර්වරයකු වශයෙන් කාලයක් සේවයේ නිරත විය. වසර 04 ක් ගතවන විට ඔහුට රැකියාවට ආයුබෝවන් කීමට සිදුවිය. රැකියාව අත්හැරීමට සිදුවූයේ තම මෑණියන්ට ලන්ඩන් නගරයේ පදිංචියට යැමට සිදුවීම නිසාය. මෙම ගමනට බර්නාඩ් ෂෝ මෙන්ම තම සහෝදරියද එක්වූහ. බර්නාඩ් ෂෝ ලන්ඩන් නගරයේ රැකියාවක් සොයා ගැනීමට කොතෙකුත් උත්සහා දැරුවද එය නිෂ්ඵල වූයේය. අනතුරුව ඔහු පුස්තකාල සේවා මධ්‍යස්ථානයට බැඳී එහි පොත්පත් කියවීමට කාලය මිඩංගු කළේය. දක්ෂ ලේඛකයන් විසින් රචිත උසස් කෘති කියවීමට ඔහු වඩාත් රුචි වූයේය. පොත්පත් කියවන ගමන් මුලින් නවකතා කීපයක් නිර්මාණය කළද ඒවාට එතරම් ප්‍රතිචාරයක් නොලැබුණ අතර ප්‍රකාශකයන් පවා ඒවා මුද්‍රණය කිරීමට මැලිවීම බර්නාඩ් ෂෝ ගේ කනස්සල්ල වැඩිවීමට හේතුවක් විය. එහෙත් උත්සහය නතර නොකළ ඔහු තව තවත් ලීවේය. පුවත්පත් වලට බොහොමයක් ලියූ ලිපි ප්රතික්ෂ්ප වූ අතර ඇතැම් ලිපි සඳහා ඉඩකඩ ලැබිණි. උත්සහය නතර නොකළ ඔහු තව තවත් පුවත්පත් සඳහා ලිපි ලීවේය. මේ සඳහා සොච්චම් මුදලක් ඔහුට ලැබිණි. පුවත්පත් කෙරෙහි වැඩි කැමැත්තක් දැක්වීම නිසා යහලුවකුගේ මාර්ගෝපදේශකත්වයෙන් "ද ස්ටාර්" (the star) නමින් වූ පුවත් පත් ආයතනයේ රැකියාවක් ලැබීය. මේ කාලය තුළ බර්නාඩ් ෂෝ ගේ ජීවිතය පුදුමසහගත විය. අන්දමන්දව, අතන මෙතන ඇවිද ඉබාගාතේ අවිචාරවත් අයුරින් කටයුතු කිරීම ඔහුට රස්තියාදුකාරයකු මෙන් දැනිනි ප්‍රමාණවත් පරිදි අතට මුදලක් නොලැබීම ඊට හේතුවක් වූවා වියහැකිය. කෙසේ නමුත් තිර අදිටනින් තම මූලික අපේක්ෂා ඉටුකරගනු වස් උත්සහය අත් නොහැරියේය.
මොහු ද ස්ටාර් (The Star) නැමති පුවත්පත් ආයතනයේ සේවය කරමින් සිටියදී " ද වර්ල්ඩ්" (The world) නමින් වූ පුවත්පතකට ලිපි සැපයීමෙන් තම නම ජනප්‍රිය තත්ත්වයට පමුණුවා ගත්තේය. ද සැටඩේ රීවීම් (The Saturday Review) නම්වූ පුවත්පතක නාට්‍ය විචාරකයකු ලෙසද කටයුතු කරමින් සිටියදී නාට්‍ය කෙරෙහිද, ඒවායේ නිර්මාණ කාර්යන් ගැනද කියාත්මක විය. ප්‍රකට නාට්‍ය කරුවකු මෙන්ම, ලේඛකයකු හා නිදහස් චින්තකයකු ලෙස බර්නාඩ් ෂෝ ඉහළින් කැපී පෙනීමට දක්ෂයෙකු වූයේ " ද සැටඩේ රීවීව් " පුවත් පත මගින්ය.
මෙවන් පරිසරයක් තුළ මොහු "ෆේබියන්" යනුවෙන් වූ සංගමයකට බැඳී එහි සාමාජිකත්වය ලබා ගත්තේය. මෙය සිදුවුණේ 1884 වර්ෂයේදීය. උගත් ප්‍රභූන් අතර සමාජවාදය පිළිබඳ දේශන පැවැත්වීමට තරම් මොහු දක්ෂ කථිකයකු වූයේය. මොහුගේ කථා ශෛලීය ප්‍රේක්ෂක සිත්ගත් බව පැවසේ. හාස්‍ය දක්වන කථා කීමට දක්ෂ වූ මොහු අසා සිටින්නන්ගේ සිත් ඇද බැඳ තබා ගත්තේය. සමාජයේ උස්මිටි තැන් විවේචනය කරමින් සමාජ සුධාරකයකු ලෙස පෙනී සිටියේය.
සැටඩේ රිවීව් පුවත්පතේ නාට්‍ය විචාරයකු ලෙස කටයුතු කරද්දී නාට්‍ය රචනා කිරීම කෙරෙහිද දැඩි ඇල්මක් දැක්වීය. "වොරන් මහත්මියගේ රැකියාව" මැයින් පළමුවරට 1893 දී නාට්‍යයක් ගොතන ලදුව පසුව තවත් නාට්‍ය කිහිපයක් කරලියට ගෙන ආයේය. "ද විලැන්ඩර්" "ඩිවෝස් හවුසස්" "ආම්ස් ඇන්ඩ් ද මෑන්" "පිග් මැලියන්" "ඩෙවල්ස් ඩිසයිජල්ස්" "ජෝන් බුල්ස් අදර් අයිලන්ඩ්" "ද ඩොක්ටර් ඩිලෙම්මා" යූ නෙව කැන්ටේල්, කැන්ඩීඩා වැනි නාට්‍ය ඒ අතරවෙයි.
සීසර් සහ ක්ලියෝ පැට්රා, ඇපල් කාට්, පිග් මැලියන් (CAESAR AND CLEOPATRA,APPLE CART,PYGMALLION) වැනි නාට්‍ය කෘති වලට ඉමහත් ප්‍රසාදයක් ලැබුණි. පිග් මැලියන් නම් වූ නාට්‍ය සංගීතමය චිත්‍රපටයක් බවට මයි ෆොයාර් ලේඩි (MY FAIR LADY) යනුවෙන් පෙන්වන ලදී. මෙම චිත්‍රපටයට ඹස්කාර් සම්මාන තිබූ වගක්ද කියෑවේ.
1856 වසරේදී උපත ලබා වර්ෂ 94 ක් ජීවත්ව සිටි මෙම වියතා විවාහ වූයේ වයස අවුරුදු 42 දීය. මොහුගේ සහකාරිය වූයේද අයර්ලන්ත ජාතික කතකි. ඇය නම් චාලට් ටවුන් ෂෙන්ඩිය. මැය ඉතා ධනවත් පවුලකට අයත් වූවාය. බර්නාඩ් ෂෝ ආහාර සඳහා මස් මාංශ අනුභවයෙන් හා මත්පැන් පානයෙන්ද වැළකී සිටියේය. යහපත් දිවිපෙවෙතක් ගත කිරීම නිසා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් සිටියේය. සාහිත්‍ය කලාව, නාට්‍ය නිර්මාණකරණයන් වෙනුවෙන් කරන දල සේවයට පැසසුම් කරනු වස් හා මයි පෙයාර් ලේඩි චිත්‍රපටය සඳහාද නොබෙල් සාහිත්‍ය සම්මානය ලබාදුන් නමුත් ඔහු එකී සම්මානය ප්‍රතික්ෂේප කළේය. එපමණක් නොව බ්‍රිතාන්‍ය රජය විසින් ප්‍රධානය කරන ලද ඉහළම සම්මානය වූ ˜ඩර් මෙරිට් (ORDER OF MERIT) නම් වූ ඉහළ නිලයද ලබා නොගත්තේය.
රුසියාව, ඉන්දියාව, ලංකාව, ආශ්‍රිතව, ඇමරිකාව වැනි රටවල් ගණනාවක සංචාරය කරමින් සාහිත්‍ය කලාවට උනන්දුවක් දැක්වූයේය. මොහුගේ ඇතැම් කෘති භාෂා පරිවර්තනයන්ටද ලක්වී තිබේ. සමහරක් කෘති සිංහල බසටද නගා ඇත.
වසර 94 ක් පමණ ගත කරද්දී වුව ඔහු යහපත් සෞම්‍ය තත්ත්වයකින් පසුවිය. අහම්බෙන් මෙන් ක්ෂණිකව බිම ඇද වැටීම නිසා 1950 නොවැම්බර් 02 දා මොහු ලොවින් සමුගත්තද ඔහුගේ සාහිත්‍ය කලා කෘති තවමත් පවතී. ඒවා අගය කරන්නන් එමටය. සමාජ සාරධර්ම ඒ තුළ ගැබ්වීම ඊට හේතුවයි.
ආර්.ඇම්.ටී.බී. රත්නායක