එලිෆන්ට්පාස් සිනමාපටයේ සමාරම්භය සනිටුහන් කරන මුහුරත් උලෙළ පසුගිය දා උත්සවාකාරෙයන් තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් හිදී පැවැත්විණ. "එලිෆන්ට්පාස්" ලාංකීය සිනමාවට ගෙන එන්නේ මින් පෙර “ තාල චිත්‍රපටය“ අධ්‍යක්ෂණය කළ පාලිත පෙරේරා සහ නිෂ්පාදනය කළ නිලාන් වීරසිංහයි.
මෙම අවස්ථාවට හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි, ප්‍රියන්ත සිරිකුමාර, කෞශල්‍යා ප්‍රනාන්දු, අංජන ප්‍රේමරත්න, ආනන්ද කුමාරඋන්නැහේ සහ තිලක්ෂානි රත්නායක ඇතුළු සෙසු නළුනිළියන් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වී සිටියහ.
මෙහි කතා සාරාංශය වන්නේ, නිරන්තරයෙන් අලි මිනිස් ගැටුම්වලට මුහුණපාන ගම්මානෙක ජීවත්වන අර්බුධකාරී පවුල් පසුබිමකින් පැමිණෙන රුසිරු, ගැජමැටික් හා මැතමැට්ටී යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන එකිනෙකට වෙනස් හැකියාවන් සහිත විශේෂ දරුවන් තිදෙනෙකි. තම පවුල මෙන්ම ගම්වැසියන් ද එකසේ මුහුණපාන අලි මිනිස් ගැටුමට තමන්ටම අනන්‍ය වූ විසඳුමක් සොයා යන රුසිරු ප්රමුඛ දරුවන්ට සාම්ප්‍රදායික පාසල් අධ්‍යාපනය තුළ විටෙක ප්‍රතික්ෂේපවීමට හා විටෙක දඬුවම් විඳීමට ද සිදුවේ. මේ අතර ගමට පැමිණෙන පිටස්තර තරුණයෙක් ඔවුන්ගේ විශේෂ ශක්‍යතා හඳුනාගන්නා අතර එම හැකියා වර්ධනයට අවශ්‍ය මාවත සකසා දෙයි. ඇදවැටෙන, අසාර්ථක වන හා අසමත්වන මෙම දරුවන් අවසානයේ තම ගැටලුවට සොයා ගන්නා විසඳුම කුමක් වනු ඇතිද? මේ ඔවුන් බාධක කම්කටොලු හරහා ගමන් කරන චාරිකාව පිළිබඳ කතාන්දරයයි.
"එලිෆන්ට්පාස්" සිනමාපටයේ පිටපත ලියා ඇත්තේ පාලිත පෙරේරා, දමිත් දහනායක, වෛද්‍ය ප්‍රමෝද් චන්දිම රත්නායක විසින් වන අතර කැමරාකරණය චින්තක සෝමකීර්ති. කලා අධ්‍යක්ෂණය මංජුල අයගම. වේශ නිරූපණය සහ හිසකෙස් සැකසුම ප්‍රියන්ත දිසානායක. ඇඳුම් නිර්මාණ සුරේෂ් මධුසංඛ. සංගීත නිර්මාණය අචල සොලමන්. සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර. වර්ණ සංයෝජනය අසංක වික්‍රමසිරි. නිර්මාණාත්මක ශබ්ද සැලසුම්කරණය අතුල ජයසිංහ. 1වන සහය අධ්යක්ෂ නලින්ද ප්‍රේමරත්න. නිෂ්පාදන කළමනාකරු දමින්ද ඩී. මඩවල.
"එලිෆන්ට්පාස්" සිනමාපටය සඳහා රංගන දායකත්වය ලබා දෙන්නේ හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි, ප්‍රියන්ත සිරිකුමාර, ආනන්ද කුමාරඋන්නැහේ, කෞෂල්‍යා ප්‍රනාන්දු, තිලක්ෂනි රත්නායක, රත්න ලාලනී ජයකොඩි, සුජානි මේනකා, ප්‍රියංකා සමරවීර, අංජන ප්‍රේමරත්න, මයුර කාංචන පෙරේරා, සමන් පී දිසානායක, දයා වයමන් සහ සිනමාවට හඳුන්වා දෙන ළමා නළුවන් පස් දෙනෙකු විසිනි.
"එලිෆන්ට්පාස්" සිනමාපටය රූගත කෙරෙන්නේ, ගල්ගමුව ඇහැටු වැව ආශ්රිත වන අතර මේ මස 10 වනදා සිට 28 දක්වා රූගත කිරීම් සිදු කිරීමට නියමිතයි.
ලක්ෂ 350කට ආසන්න පිරිවැයක් යොදා "එලිෆන්ට්පාස්" සිනමාපටය ලාංකීය සිනමාවට නඟන නිෂ්පාදක නිලාන් වීරසිංහ මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ ඔහු මේ තුළින් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැති බවත් මින් ලබන ලාභයෙන් හරි අඩක් නැවත රංගන දායකත්වය ලබා දුන් සියලුම නළු නිළියන් සඳහා නැවත බෙදා දෙන අතර ඉතිරිය පාලිත පෙරේරාට ලබා දෙන බවයි. එම ක්‍රියාව මින් පෙර තාල චිත්‍රපටයෙන් පසු ද සිදු කර තිබේ. වෙනස් සංකල්පයක් වෙනස් තේමාවක් ගත් චිත්‍රපටයක්. ඒ නිසා තමන්ගේ නිර්මාණයක් බවට පත් කරගෙන වැඩ කරලා සාර්ථකත්වයට ගොස් රට වෙනුවෙන් හොඳ දෙයක් කරගෙන යමු යන්නයි.
මෙහි විශේෂත්වය වන්නේ නිලාන් වීරසිංහ මහතා මින් පෙර නිෂ්පාදනය කළ තාල චිත්‍රපටය සඳහා දායක වූ කාර්ය මණ්ඩලයම මෙම "එලිෆන්ට්පාස්" සිනමාපටයට ද සම්බන්ධ කර ගෙන තිබීමයි.
උපුටා ගැනීම සිළුමිණ