“අපි කුවේට් ගිහින් ලස්සන ප්‍රසංගයක් කරලා ආවා !! මුලින් එහේ යනවා කිවුවම ගොඩාක් අය ඇහුව කුමාරි අක්කව හම්බුනොත් ෆොටෝ එකක් ගන්න කියල.. අපි එයා ගැන කලින් දැනගෙන හිටියේ නැහැ... ඔන්න අපි අපේ රසිකයන් වෙනුවෙන් එයා එක්ක ෆොටෝ එකකුත් ගත්තා.
එයා ස්ටේජ් එක පසුපස අපි ගායකයන් සහ බෑන්ඩ් එකට වෙන් කරපු කාමරයට ඇවිල්ලා , අනේ ඔලුව පහත් කරගෙන ගොඩාක් අහිංසක විදිහට හිටියේ. ජීවිතේ පළමු වරට ඒ වගේ ප්‍රසංගයක,ඒ තරම් සෙනගක් ඉදිරියේ ගයන්න ලොකු බයකුත් තියෙන්නේ ඇති. එත් නම කිඋවම ආපු චියර් එකත් එක්ක එයාගේ විදිහට නටලා , ගීත ගයලා හිටිය සේරටම විනෝදය උපරිමයෙන් දුන්නා .... ඒ සමගම එයාගෙන් පොඩි වැරදි වෙලා තියෙනවා කියල ඒවාට සමාවත් ඉල්ලගත්තා, අයෙත් එහෙම දේවල් නොකරන බවට පොරොන්දුත් වුනා!! කෙනෙකුව හිනස්සනවා , සතුටු කරනවා කියන්නේ පිනක්... එයා අහිංසක චරිතයක්.....!! එයාගේ ගායනය, නර්තනය ගැන හරි වැරදි හොයන්න, ඇද කුද කියන්න මට අවශ්‍ය නැහැ..!! එත් වටෙන් ඇසුන දේවල් වලින් මට දැනුනේ ... එයා දෙන විනෝදය අන්තර්ජාලයේ බෙදාගෙන.. බඩවල් ඇඹරෙන්න හිනාවෙවී .. ලේ සුද්ද කරගන්න ශ්‍රී ලංකික ලක්ෂ ගානක් ලෝකේ වටේ ඉන්න වගයි. එයාගේ ජීවිතයේ සිහිනයක් වෙලා තිබුණු , ප්‍රසංග වේදිකාවක බෑන්ඩ් එකක් සමග ගී ගයන සිහිනය සැබෑ කරදුන්නට ... ගොඩක් මහන්සි වෙලා එයා වැඩකරන ගෙදරින් සහ ඒජන්සියෙන් අවසර අරගෙන අවස්ථාව ලබාදුන්නු කුවේට් ෆාහිල් ෂෝ එකේ සහෝදරයන්ටත්, සංගීතය සැපයු රනා විත් ඕරා සංගීත කණ්ඩායමටත් පින් !! මට එයා දිහා බලාගෙන හිටියම ඔලුවට ආවේ ගොඩක් වෙනස් දේවල්.... ගොඩාක් අහිංසක, දුක්බර අතීතයක් එක්ක, කරදර මැද්දේ අමාරු ගේමක් ගහගෙන තමන්ගේ පවුල බලාගන්න චරිතයක් හැටියටයි මම එයාව දකින්නේ. පව් ... අපේ රටේ නැති බැරිකම් නිසානේ රට යන්නේ මේ විදිහේ වැඩවලට... මේ වගේ කුමාරි අක්කල කී දාහක් මැදපෙරදිග හිරවෙලා වැඩ කරනවා ඇත්ද? අපේ නංගියෙක්, අක්ක කෙනෙක්, බිරිඳක් , අම්මාකෙනෙක්, පවුල් ලංකාවේ දරුවෝ, සැමියා එක්ක තනිකරලා මෙහෙම යන්න වෙලා තියෙන්නේ ඇයි අපේ කාන්තාවන්ට ? අවුරුදු 2500ක ඉතිහාසයක් ගැන වර්නනා කරමින්, නිදහසෙන් පස්සේ අවුරුදු 70ක් ගිහිනුත් තාම හරියට ගේමක් ගහගන්න බැරිඋනේ ඇයි අපිට? ලංකාවේ ප්‍රධාන අපනයනය තේ,රබර්,පොල්, සංචාරක කර්මාන්ත තිබුන රටක.... දැන් මැදපෙරදිග යවන කාන්තාවන්ගෙන් එන විදේශවිනිමයලු ලොකුම ආදායම .... උජාරුවෙන්න කාරනවක්නම් නෙවෙයි වගේ.. ලජ්ජා වෙන්න ඕනේ හේතුවක්..!! අපිට ගොඩාක් පස්සෙන් හිටිය දකුණු කොරියාව, සිංගප්පුරුව, මැලේසියාව ..සේරම අපිව පහු කරන් ගොඩාක් දියුණු රටවල් වෙලා අද . හිතන්න....!! කල්පනාකරන්න ..!! එකමුතුවෙලා රටට වැඩ කරන්න !! උත්තරීතර අරක ඇතුලේ හිටපු ,ඉන්න, එන්න කුරුමානම් අල්ලන සේරම අයත් අවංක වෙන්න. තමන්ගේ බඩට කලා ඇති.. දැන් රටට ජනතාවට කරන්න..!! අන්තර්ජාලයේ කුමාරි අක්කව විකුණගෙන කන ඈයෝ ඉන්නවානම්, මුදල් හොයනවනම් ...එයාටත් උදවු කරන්න ...ජොබ් එක දාලා ලංකාවට ඇවිල්ල හොඳින් ඉන්න පුළුවන් වේවි!! දියුණු ලස්සන ලංකාවකට ප්‍රාර්ථනා !! ආදරෙයි..!"
-ජයශ්‍රී - රෝහිත-