'අසන්ධිමිත්තා' බැලීමු. අවසානය දක්වා ප්‍රේක්ෂකයා මෙතරම් තදින් ඇඳ බැඳ තබා ගත් 'හඳගම නිර්මාණයක්' මෙතෙක් නොදිටිමු.
එතරම් ම එය ආකර්ශනීය ය. කොටිම්ම කිව්වොත් රහය. සියල්ලන්ගේම පාහේ රංගන දායකත්වය අගය කල යුතුය. නිල්මිණි සිගේරා තුලින් නිල්මිණී සිගේරා ව නොදිටිමු ; අසන්ධිමිත්තා ම පමණක් දුටිමු. ඒ තරමටම ඈ විසින් චරිතයට ප්‍රේක්ෂකයා ව ආසක්ත කරවයි. ඇය ජාත්‍යන්තර සම්භාවනාවට පාත්‍ර වීමේ අරුමයක් නැත. ධර්මප්‍රිය ඩයස් ද එසේමය. ඊට අමතරව අනුලා බුලත්සිංහල ප්‍රවීණ ශිල්පිණියගේ රංගනය කැපී පෙනෙයි. කලකට පසුව ගයනි ගිසන්තිකා දැකීමට ලැබීම සතුටට කරුණකි.
දැන් තමා වැදගත් ම කරුණ. අවසානය. යථාර්ථයක් දැයි ටක්කෙටම කිව නොහැකි වුවත්, මුලක් - මැදක් නොතිබී වුවත් දැනටමත් එවන් චිත්‍රපටයක කොටස්කරුවන් ව සියලු ගැට ලිහා දමන අවසානයක් කෙරෙහි බලාපොරොත්තු තියාගෙන සිටින ප්‍රේක්ෂකයා දෙස බලා අසන්ධිමිත්තා පෝරක මස්තකයේ සිට සිනාසෙයි. එසේ සිනාසෙන්නේ පෙර කී අපිටම බව තේරුම් යන්නට වැඩි කලක් ගත නොවේ. හඳගම, විස්සෝප නොවන්න. වියවුල් මනසින් හෝ අපි සිනමා ශාලාවෙන් එලියට එන්නට සමත් වීමු. දැන් ඔබ විසින් පැවරූ 'Home work' කරමින් සිටින්නෙමු. අවසානය සම්බන්ධයෙන් එපමණකින් නවතිමු. 'අසන්ධිමිත්තා' තුලින් පැහැදිලිව ම දුටු ඔබේ කතා කලාවේ සාධනීය වෙනසට ඉතසිතින් සුභ පතමු. (8.4/10)
සංජය ගිහාන් වීරසිංහ