ඇය ඉපදුනේ ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේය. දැන් ඇය ඡිවත්වන්නේ ඇමෙරිකා එක්සත් ඡනපදයේ නිවියෝක් නගරයේය.
ටානියා නිවියෝක් නගරයේ ප්‍රසිද්ධ කලාකාරිනියකි. ගත් කතුවරියකි ස්ත්‍රීත්වය උදෙසා හඩ නගන්නියකි. ඇය 1998 සිට 2001 දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිනියකි. 2004 ආසියාවේ ඇතිවු සුනාමිය වෙනුවෙන් ශ්‍රි ලංකාවට ආධාර පිණිස නිවියෝක්හිදි පොත් ප්‍රදර්ශනයක් පැවත්වු කාන්තාවකි . 2011 සිට DO School, හි අධ්‍යක්ෂිකාව විය.2016 දී එක්සත් ඡනපදයේ Pulse Nightclub හි සමූල ඝාතනයට එරෙහිව කල සුප්‍රසිද්ධ විඩියෝ පටියේ නිෂ්පාදිකාව විය. ටානියාට නිවියෝක් නීතිපති හමුවන්නේ 2016 දීය ඔහු කාන්තාවන්ට කරනු ලබන හිංසනයන්ට සහ ඔවුන්ව දෙවනි පන්තියේ පුරවැසියන් ලෙස සමාඡය කරනු ලබන සැලකීමට එරෙහිව පෙනී සිටි සබෑ මහත්මයෙක්ගේ භුමිකාව කරමින් සිටි කාලයයි ඒ.
Eric Schneiderman යනු ඔහුගේ නාමයයි නිවියෝක්හි නීතිය ඔහුගේය. ධනය බලය හා කීර්තිය ඔහුගේය . නිවියෝක්හි අධිකරන පද්ධතිය හැසිරවුයේ මෙම බලගතු මිනිසාය. දික්කාසද වී සිටි ටානියා මේ මිනිහාට ඇලුමි කලේය. මාස 06 ක පමණ ආලයෙන් පසු ඇය මෙම මිනිහා සමග නිදාගත්තේය නමුත් සැබෑ ලෝකයේ සිටි එරික් ඇදට ගිය පසු අතුරැදහන්විය. ඒ වෙනුවට සිටියේ මෘගයෙකි. ඔහු ඇය ගේ කෙස් වල්ලෙන් අල්ලා බිම දිගේ ඇදගෙන යයි. ඔහු ඇයට ඇමතුවේ මගේ දුඹුරැ වහලිය යනුවෙනි. එවිට ඇය ඔහුට එහෙමයි සර් යනුවෙන් කිව යුතු විය. එසේ කියන තුරැ ඔහු ඇයට පහර දෙයි ඔහු පැවසුවේ මේ දුඹුරැ වහලිය ඔහුගේ භාන්ඩයක් බවය. සියලු ප්රචන්ඩ ක්‍රියාවලින් අනතුරැව ලිංගික එක්වීම සිදුවිය. ඔහු ඇය පසුපස නිතර පැමිණියේය ඇගේ දුරකථන වලට සවන් දුන්නේය.ඇය මරා දමන බවට විටින් විට තර්ඡනය කලේය. ටානියා සිටියේ හිසට උඩින් කොයි වෙලාවකදෝ පත්තුවෙන තුවක්කුවක් යටය.
2018 දී ඇමෙරිකා එක්සත් ඡනපදයේ දුෂණයට ලක්වු කාන්තාවන් විසින් පිහිටුවා ගත් '' ඊ ළගට මම '' නැමති ප්‍රබල කාන්තා ව්‍යාපරය හරහා ටානියා එරික් ස්චැන්ඩර්මන් ගෙන් නින්දිත සැලකුමි ලබමින් දුෂනය වු තවත් කාන්තාවන් 4 ක් සොයා ගත්තාය. අණතුරැව ඔවුන් 4 දෙනාම එකතුව ඇමෙරිකා එක්සත් ඡනපදයේ ප්‍රධානම සගරාවක් වු The New Yorker සගරාවට ප්‍රකාශයක් කළහ. එහි ප්‍රධාන සිරස්තලය මෙසේවිය
'' මේ දූෂකයා රාඡ්‍යයේ ඉහළම නීති ක්‍රියාත්මක කරන්නා නම්... ඔබ කරන්නේ කුමක්ද ? ''
විනාඩි ගණනක් තුල මුලු නිවියෝක් පුරවරයම කතා කලේ මෙම දුෂකයා ගැනය. අධිකරන අමාත්‍යංශය චෝදනා විභාග කරන තුරැ එරික්ට එකී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට බල කලා විය හැකිය... මක් නිසාද නිවියෝක් නීතිපති යනු ඩොනල්ඩි ට්රමිප්ගේ විරැද්ධවාදියෙකි. කෙසේවුවත් හරියටම පුවත පලවී පැය 3 ක් ඇතුලත මෙම දූෂකයා සිය මහේෂාක්‍ය නිවියෝක් පුරවර නීතිපති ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ 2018 -05-07 දිනය.
'' නිවියෝක් ප්‍රධාන නීති නිලධාරියා ඇතුලු වෙනත් කිසි පුද්ගලයෙක් නීතියට ඉහළින් නෑ... එරික්ට තව දුරටත් නිවියෝක් නීතිපති හැටියට කටයුතු කරන්න පුලුවන් වෙයි කියල මම විශ්වාස කරන්නෙ නෑ
------ නිවියෝක් ආණ්ඩුකාර Andrew Cuomo...
ස්තුතියි ටානියා ඔබගේ නිර්භයත්වයට ! ආත්ම විශ්වාසයට හා නිදහස් බවට...
උපාලි ජයසිංහ