මී මුරේ ගම්මානය මහනුවර හා මාතලේ දිස්ත්රික්ක අතර පිහිටි නකල්ස් කදුවැටිය ආසන්නයේ පිහිටා ඇත .
මනරම් දේශගුණ රටාවකින් පොහොසත් මෙම ගම්මානයේ ගම වැසියන් 400ක් පමණ ජිවත් වෙයි .ස්වභාව ධර්මයේ අංග රැසකින් සපිරි මෙම ගම්මානය කෘෂිකර්මයෙන් පොහොසත් ගම්මානයකි .විශේෂයෙන්ම සූරිය අරණ වැනි සුප්රකට චිත්රපටයේ රූගත කිරීම සිදු වුයේද මෙම ගම්මානයේ වීම තවත් සුවිශේෂී කාරණයකි . වන සතුන් රැසක් දැක ගත හැකි මෙම ගම්මානයේ මෙරටට අවේනික සතුන් රැසක්ද දැක ගත හැක .දෙස් විදෙස් සංචාරකයන්ගේ තෝතැන්නක් වූ මෙම ගම්මානය රැක ගැනීම අප කාගේත් යුතුකමක් බව මතක තබා ගන්න .
-සක්වල-