"දෙනියාය හරහා සිංහරාජයට යන ගමන්.... රාත්‍රී 10 ට විතර දෙනියායේ ගමේ මිනිස්සු පාර හරහා ඉන්නවා කැති පොරෝ හයේ හතේ පොලු මානගෙන. කාර් එක නැවත්තුවම "නයා"... 'නයා" කියන වචනේ ඇහුන.ඉක්මනින් බැහැලා බැලුවා. හිතුවේ තඩි නයි තඩියෙක් චප්ප වෙන්ට ඇදබාල ඇති කියලා. මොන පෙනේ කරන් ඉන්න රතු පාට අමුතු සත්වයෙක් හින්දා මිනිස්සු බයවෙලා.
මේ දෙපැත් නයා. පස් යට ජීවත් වෙන නිර් විෂ සර්පයෙක්. විශ්ව විද්‍යාලවල සර්පයෝ ගැන ඉගෙන්නුවට වැඩක් තියනවද... ඔය වන ජීවි එකේ වියදම් කරන නාස්තිකාර සල්ලි වලින් රක්ෂිත වනාන්තර අවට මිනිස්සුන්ට වන ජීවි විශේෂ පිළිබද හොද දැනුමක් ලබා දුන්නා නම්...සෑහෙන්ට වනාන්තර ආරක්ෂාවෙලා. ඉතිං අපි මේ සතාව අල්ලා ගෙන ඒ වෙලාවේම ඒ අවට උදවියට මෙයාලා ගැන පහදාදිල පහුවදා සිංහරාජයට මුදා හරියා." - මිනුවන් ශී‍්‍ර පේ‍්‍රමසිංහ
මේ සටහන ෆේස්බුක් එකෙන් උපුටගත්තේ මිරර් ආර්ට්ස් කියවන සංචාරය කරන හිත මිතුරන්ගෙ හිත සුව පිණිස.
කැලෑවෙන් එළියට ඇවිත් මිනිස්සු වෙච්ච අපිට මේ වගේ සත්තු සර්පයෝ දැක්කහම ඇතිවන ත්‍රාසය භීතිය සුළු පටු නැහැ. මිනිස්සු බලන්නෙම කැලේ ඉන්න සතා සීපාවා සර්පයා මරලා දාලා භය නැති කරගන්න. ඒත් මිනිස්සු කරන්නෙ අනෙකාගේ පැවැත්ම අහෝසි කිරීමෙන් තමන්ද විනාශය කරා ගෙනයාම.
සොබාධහම තුළ විවිධත්වයන් නිර්මාණය වෙලා තියෙන්නේ මේ සියල්ල විශ්වයේ පැවැත්මට අවශ්‍ය සාධක වන නිසා.මිනිසුන් විසින් විනාශ කරන වන සම්පත වගේම සත්ත්ව සම්පත ද අති විශාලයි. අලියන් දිවියන් මුවන් පක්ෂීණ් ඇතුළු බොහෝ සතුන් ඝාතනය කරනවා. පාරක යනකොට බල්ලෙක්, පූසෙක්, මීමින්නෙක්, සර්පයෙක්, වඳුරෙක්, ඉබ්බෙක් මේ වගේ සත්තු පාරවල් වල වාහන වලට හැප්පිලා අනන්තවත් මැරිලා ඉන්නවා අපි දකිනවා. අලියෝ පවා දුම්රියට වාහනවලට ලිංවලට වැටිලා මිනිසුන් වෙඩි තියලා මරලා දානවා. මේ හැම සතෙකුටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා මිනිස්සුන්ට වගේම. අපි කොයිතරම් නරක විදිහට අනෙකාගේ ජීවිත අවතක්සේරුවට ලක්කරනවද?
අද දවසෙ අපිට මේ ෆේස්බුක් මිතුරා දීලා තියෙන දැනුම සහ යෝජනාව ඉතාම හොඳ දෙයක්. ඇත්තටම වනජීවී එකේ අයට සහ පරිසර සංවිධාන වලට පුළුවන් වන මායිමේ වල ජීවත්වන මිනිස්සුන්ට වනය තුළ, තමන් අවට පරිසරය තුළ ජීවත්වන මිනිස්සුන්ට දැනුම අවබෝධය ලබාදීලා මේ වන ජීවින් සමග ඇති භය වෛරය මෙන්ම නොසළකා හැරීම ට උත්තරයක් හොයලා දෙන්න.