lan englan tam

පුවත්

රඟපාන චරිතවලින් පෞද්ගලිකත්වයට ඩැමේජ් වෙනවා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවානේ. පුරුදු අතහැරගන්න ගොඩක් අමාරුයි. මම පොඩිකාලේ ඉඳන් මම කවුද කියලා ප්‍රශ්න කරපු කෙනෙක්. මිනිස්සුන්ගේ හැසිරීම් රටාව අධ්‍යයනය කරන්න මම කැමතියි. මම හරි ආසයි ඇහුම්කම් දෙන්න. ඒ තුළින් හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. රංගනයේ යෙදෙන කෙනෙක්ට සහකම්පනය ඉතාම වැදගත්. රඟපාන චරිත තුළින් පෞද්ගලික ජීවිතේට ඩැමේජ් වෙනවා. පවතින ලෝකයට ඇවිල්ලා ජීවත් වෙන්න අමාරු වෙනවා.ගෞරි වගේ චරිතයක් කරාට පස්සේ මම අවුරුදු ගානක් එවැනි චරිත භාරගත්තේ නැහැ."

මෙසේ පවසන්නේ ජනප්‍රිය සහ කුසලතා පූර්ණ රංගන, ගායන ශිල්පිනී උමාලි තිලකරත්න Mඉර්‍රොර් ඇර්ට්ස් සතියේ සංවාදයට එක් වෙමිනි.
මනෝහාරි හේවාවසම් සමග සංවාදයට එක් වූ සංවාදය අද (23) සවස 07ට විකාශය විය.
සිය රසිකයින් බලා සිටින තතු ගණනාවක් එහිදී උමාලි ප්‍රකාශ කළාය.
තමන් මේ දිනවල සම්බන්ධ වී සිටින සිනමා නිර්මාණය 'මැයි මාර ප්‍රසංගය' පිළිබඳවද උමාලි එහිදී කතාබහ කළ අතර නිවැසියන්ගෙන් දෝෂාරෝපණ එන්නේ 'අපිත් එක්ක හිටියට අපිත් එක්ක නැහැ' යනුවෙන් බව උමාලි සංවාදයේදී පැවසුවාය.
"අහිංසකව අපි කව්රුත් උපදින් නෑ. මට හානියක් පීඩාවක් වන තැනකදී මම අහිංසකයි කියලා මම හිතන් නැහැ. තර්කානුකූලව දකින්න හිතන්න මම කැමතියි. මම තනියෙන් මටම කතාකරනවා. රෑ වැටුණ වලේ දවල් වැටුනහම තමා අපිට අපි එක්ක කතා කරන්න හිතෙන්නේ. ජීවත් වෙන්න ආදරණීය හේතුවක් නැති වෙන්න ගොඩක් දේවල් බලපානවා
මට ආදරය කරන්න කවුරුත් කියලා දීලා නෑ. වෙනස්වීම් අපිට වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වෙනස්වීම්වලට මුහුණදීම තමයි මනුස්සයෙක්ට තියන සුන්දරම අභියෝගය. මම විවිධ කාල වල විවිධ ආකාරයෙන් ප්‍රේමය අත්විඳලා තියෙනවා. මම ප්‍රේමයට ප්‍රතික්ෂේපයක් නැහැ. ඒත් දැන් 'සින්ගල් ලයිෆ්'." යනුවෙන්ද උමාලි පැවසුවාය.
තමන් රංගනයෙන් දායක වූ 'මැයි මාර ප්‍රසංගය' චිත්‍රපටය ගැන උමාලි මෙසේද පැවසුවාය.
"ප්‍රේම කරන සමහරු ප්‍රතික්ෂේපයට බයයි. සංචරණී සමිධ කෙනෙක් ගැන දන්නේ නෑ. සංචරණී සංචරණිගේ ලෝකයේ සංචරණය කර කර හිටියා. සමිධලා වැඩි වුණාම හරි කරදරයි. මම සංචරණිව ගොඩක් වින්දා. මම හිතින් ආදරය කරලා තියෙනවා. තමන් ආදරය කරන කෙනෙක් සතුටින් ඉන්නවා දකිනකොට එතන ලොකු සතුටක් තියෙනවා. කලාකරුවෙකුගේ ජීවිතයක් කියන්නේ වෙනම ජීවන රටාවක්." යැයිද උමාලි පූරක මනෝහාරි හේවාවසම් සමග ප්‍රකාශ කළාය.

Back to top
Go to bottom

Popular News