ලෝක පූජිත අපේ සිනමාකරු වන ආචාර්ය ලෙස්ටර් ඡේම්ස් පීරිස් මහතා අද සිය (05 දා) අනූඅට වැනි වියට පා තබයි.
1919 අප්‍රේල් 05 වැනිදා කොළඹදී උපත ලද ආචාර්ය ලෙස්ටර් ඡේම්ස් පීරිස් මහතා බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ ආදි සිසුවෙකි. පාසැල් වියේ පටන් සිනමාවට සහ වේදිකාවට ඇළුම් කළ ආචාර්ය ලෙස්ටර් ඡේම්ස් පීරිස් 1946 සිට 1952 වසර දක්වා ලන්ඩනයේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කර තිබේ.
අනතුරුව මෙරටට පැමිණි ඔහු රජයේ චිත්‍රපට අංශයට සහකාර අධ්යක්ෂවරයකු ලෙස බැඳී කටයුතු කළේය.
ලෙස්ටර් ඡේම්ස් පීරිස්ගේ ප්‍රථම චිත්‍රපටය රේඛාව 1955 දී අපේ සිනමාව වෙනත් මානයකට ගෙන යැමට සමත් විය. ඔහු අධ්‍යක්ෂණය කළ සංදේශය, නිධානය, ගොලු හදවත, දෙලොවක් අතර, රන්සළු, අක්කර පහ, මඩොල්දූව, වීරපුරන්අප්පු, කලියුගය, පින්හාමි, බැද්දේගම, යුගාන්තය, අවරගිර, වෑකන්ද වළව්ව, ප්‍රේක්ෂක විචාරක පැසසුමට ලක්විය. "අම්මාවරුනේ" ආචාර්ය ලෙස්ටර් ඡේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ අවසන් චිත්‍රපටය වේ.