නිර්මාණයකරණය, ඒ පිළිබඳ හැදෑරීම මගින් පමණක් සිදුකළ හැක්කක් නොවේ. ඒ සඳහා විෂය පිළිබඳ බොහෝ දැනුමක් සහ එයතමන්ට ආවේණික වීමද වැදගත් කරුණකි. Daniel du Preezඑවැන්නෙකි. ඔහු කඩදාසි ඔස්සේ සිය නිර්මාණ සිදුකරන අතර, එය ත්‍රිමාණ ආකාරයක ස්වභාවයක් ගැනීම ඔහුගේ හැකියාවයි.
භාවිත කර ඇති කඩදාසි සහ අලුත් කඩදාසි භාවිතයෙන් නිර්මාණ සිදුකිරීම ඔහුගේ කාර්යයයි. පාසල් කාලයේද කලාව විෂයයක් ලෙස හැදෑරුවද ඔහු කලාව සිය වෘත්තීය බවට පත්කරගන්නේ ඉතාමත් මෑත කාලයේදී බව සඳහන් වෙයි.
කඩදාසි මූර්ති නිර්මාණ ශිල්පය ලෙස හඳුන්වනු ලබන මෙම සිතුවම් කලාව ත්‍රිමාණ තාක්ෂණයක ස්වරූපයක් ගනු ලබන්නේ ඒ සඳහා භාවිත කරනු ලබන වර්ණ හේතුවෙනි. වර්ණ කඩදාසි භාවිත කරමින් නිර්මිත හැඩතල හේතුවෙන් මෙම සිතුවම් අලංකරණය වන බව කිව හැකිය.
Daniel du Preezමීට පෙර කළ රැකියාවේදී කාර්යාලයේ නිදහස් වේලාවේදී කිසියම් කඩදාසියකින් හැඩ කැපීම සිදුකළ බව පැවසෙයි. මේ ක්‍රියාකාරකම හේතුවෙන් ඔහුට නිර්මාණකිරීම සඳහා ඔහුගේ ප්‍රධානියා මග පාදා දෙනඅතර, ඉතාමත් සූක්ෂ්ම නිර්මාණය කිරීමට හැකියාවක් තිබීම ඔහුගේ දක්ෂතාව ඉහළ වැගීමට හේතු වූ බවද කියවෙයි.
අන්තර්ජාලය ඔස්සේ ඔහුගේ නිර්මාණ ප්‍රදර්ශනය කරනු ලබන අතර, ඒවා මිලදී ගැනීමද අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට හැකියාව තිබේ. මෙම නිර්මාණ අන්තර්ජාලය ඔස්සේ අලෙවි වන්නේ පවුම් 450 සිට ඉහළ ගණන්වලටය. වර්ණ අලංකරණය සඳහා අවශ්‍ය කඩදාසි යොදා එම නිර්මාණය අලංකරණය කිරීම ඔහුගේ අධිෂ්ඨානයයි. එවැනි හැකියාවක් ඇති දක්ෂ කැටයම් ශිල්පියෙකුට බොහෝ දෙනාගේ ආදරයහිමිවන බවට ඩැනියෙල් හොඳම සාක්ෂියකි.
ඔහු විසින් කල නිර්මාණ කිපයක ඡායාරුප පහතින්
www.ada.lk