lan englan tam

පුවත්

අමිතා වැදිසිංහගේ සෙනෙහසේ නවාතැන ජාතික රූපවාහිනිය විසින් විකාශය නොකලේ ඇයි?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය තුල සුවහසක් රසික දනන් ගීතයෙන් සුවපත් කල සංගීතවේදිනියක වූ අප අතරින් වියෝ වූ ප්‍රවීන ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය සහභාගි වූ ඇගේ ජීවිතය අලලා සැකසුනු ,

ඇය සහ නිරංජලා සරෝජිණි  පෙනී සිටිය ඇගේ වටිනා ගීතාවලියද ඇතුලත් පැය දෙකක  සෙනෙහසේ නවාතැන වැඩසටහන ජාතික රූපවාහිනියේ විකාශය නොකිරීම පිටුපස ඇති බලවේගය කුමක්ද  ? 

ඇය ගැයූ මේ උදාර ලංකා භූමියයි ගීතය ජාති වාදය අවුළුවන ගීතයක් යැයි යම් අයෙක් පවසන්නේද  ?එයද මෙයට හේතුව ? සියල්ලන් නිහඬ ඇයි?
ඇය ජීවිතය හැර ගියද ජීවතුන් අතර සිටින අපට නම් මෙය මහත් ප‍්‍රහෙළිකාවකි.  
 
 
ඇය පක්ෂ  පාට ජාතිභේද කිසිවක් පසු පස හඹා නොගිය ගායිකාවකි .
යළි කිසිදාක මේ වැඩසටහන විකාශය නොවන බවත්, විකාශය කිරීමට අවස්ථාවක් නොඑන බවත් අප ඉඳුරාම දන්නෙමු.
සමස්ත කලාකරුවන්ට සහ රසික සමාජයේ කලාවට හිතැති ඔබටද යම් කැක්කුමක් ඇති නිසා  මෙසේ ලියා තබමි.
සත්‍ය හෙලි වේවා !
 
 
ජාතික රූපවාහිනියේ හිටපු වැඩසටහන් නිෂ්පාදකවරියක වූ විනීතා කරුණාරත්න විසින් ඇයගේ මුහුණුපොතේ තැබූ සටහනකි    .
Back to top
Go to bottom