ප්‍රියන්ත කළු ආරච්චි විසින් අධ්‍යක්ශණය කරන ලද රතු සමනල හීනයක් චිත්‍රපටියට මෙවර ප්‍රංශයේ පැවති Nice අන්තර්ජාතික චිත්‍රපට උලලේදී විදේශ භාෂා සිනමාපට අංශය යටතේ පිරි නමන ලද හොඳම සිනමා කැමරාකරාකරණයට (Best Cinematography in Foreign Language Film) සඳහා වූ සම්මානයෙන් පිදුම් ලැබීමට එහි කැමරා අධ්‍යක්ෂක විශ්වජිත් කරුණාරත්න සමත් විය. මෙම චිත්‍රපටය මීට ප්‍රථම ජාත්‍යන්තර චිත්‍රපට උලෙලවල් 8ක් නියෝජනය කරන ලදී.
ඒ අතර නිව් යෝක් ඉන්දියන් සිනමා උලෙල,(Newyork Indian Film Festival) කේරල අන්තර්ජතික චිත්‍රපට උලෙල,(Kerala International Film Festival) ඩකා අන්තර්ජතික චිත්‍රපට උලෙල(Dhaka International film Festival) ආදිය අයත් වේ.
මෙම චිත්‍රපටය දෙමළ තරුණියක් නිධානයක් ලබාගැනිම සඳහා බිලිදීමට යාමේදී ඇයව බේරා ගැනීමට යන සිංහල තරුණයකු වටා ගෙතී ඇත.
මෙවර ප්‍රන්ශයේ Nice අන්තර්ජාතික උලෙල සදහා චිත්‍රපට 700 ක් පමණ ඉදිරිපත් වූ අතර සම්මාණ ලබා දුන් චිත්‍රපට කිහිපය අතරට එක්වීමට රතු සමනල හීනයක් චිත්‍රපටය සමත්විය.
70 වසරක සිංහල සිනමාවේ වෘතාන්ත සිනමා පටයක සිනමා කැමරාකරාකරණයට ලැබුනු 4 වන අන්තර්ජාතික සම්මානය ලෙසින් මෙම සම්මාණය ගෞරවයට පාත්‍ර වෙයි. රතු සමනල හීනයක් චිත්‍රපටය මෙරට ප්‍රේක්ශකයන් වෙතට ඉක්මනින් ගෙනයාම එම නිශ්පාදන කණ්ඩායමේ ඒකායන බලාපොරොත්තුවයි.