සාහිත්‍ය උදෙසා පිරිනැමෙන “පෙන් පින්ටර්” සම්මානය හිමි කරගැනීමට නයිජිරියානු ලේඛිකා චිමාමන්දා ගෝසි අධිචි මෙ වසරේදී සමත් වී තිබේ.
නොබෙල් සම්මානලාභී බ්‍රිතාන්‍ය නාට්‍ය රචක හැරල්ඩ් පින්ටර් ගේ නමින් නම් කර ඇති මෙම සම්මානය බ්‍රිතාන්‍ය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රචකයන් උදෙසා පිරිනැමනු ලැබේ.
“ස්ත්‍රී-පුරුෂ භාවය, වාර්ගිකත්වය සහ ගෝලීය විෂමතාවය” යන කරුණු සම්බන්ධයෙන් අධිචි ගෙන ඇති “විදග්ධ” ප්‍රවේශය පිළිබඳව සම්මාන උළෙලේ ජූරි මණ්ඩලයේ පැසසුමට ලක් වී ඇත.
තමන්ට ලැබුණු මෙම ඇගයීම මහත් ගෞරවයක් යැයි “ද හාෆ් ඔෆ් අ යෙලෝ සන්” කෘතියේ රචිකාව පවසන්නීය.
එළඹෙන ඔක්තෝබරයේ බ්‍රිටිෂ් ලයිබ්‍රරී හි දී පැවැත්වෙන උළෙලකදී චිමාමන්දා ගෝසි අධිචිට “පෙන් පින්ටර්” සම්මානය ලබා දීමට නියමිතය.