අසංක සායක්කාර ගේ නවතම වේදිකා නාට්‍ය “මං කෙලින් මිනිහෙක්” හි මංගල දර්ශනය පසුගියදා නාමෙල් මාලනී පුංචි තියෙටර් හිදී පැවැත්වුණා.
වැඩි දෙනකුගේ ඉල්ලීම පරිදි මෙම නාට්‍යයේ තවත් දර්ශන වාර දෙකක් පැවැත්වීමට මේ වනවිට සුදානමින් සිටින බවයි එහි සංවිධායක මණ්ඩලය පවසන්නේ.
ඒ අනුව එළඹෙන ජූලි 22 වැනිදා සවස 3.30 ට සහ 7.00 ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියෙටර් හි දී “මං කෙලින් මිනිහෙක්” නැවත වතාවක් වේදිකා ගත කිරීමට නියමිතයි.
මිට අමතරව දර්ශන වාරයන් වෙන්කර ගැනීම සඳහා 077 1307776/ 071 4807107 දුරකථන අංකවලට අමතන මෙන් සංවිධායක මණ්ඩලය ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.