lan englan tam

පුවත්

රවි ශංකර්ගෙන් මග නාසා තාරකාවක වූ ඔහුගේ දියනිය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රවි ශංකර් නැමති ලෝකයේ විශ්ව කීර්තියටපත් සිතාර් වාදකයාට, 1979 මාර්තු 30 වැනි දින ඇමෙරිකා එක්සත් ඡනපදයේ සූ ජෝන්ස් නැමති ගැහැණිය තමාට දාව බිහිකල ඒ කෙල්ල සමහර විටෙක හදිසි උපතක් ලෙස පෙනෙන්නට ඇත‍.

සූ ඡෝන්ස් එවකට එක්සත් ඡනපදයේ සංගීත උළෙලකට රවි ශංකර්ව කැදවු
සංගීත නියෝඡිතවරිය විය. එහි අග්‍රඵලයක් ලෙස රවි ශංකර්ට දාව ඇය උක්ත දිනයේ කෙලි පොඩිත්තියක් බිහි කලාය. එහෙත් ඔවුහු නීතිය ඉදිරියේ අවිවාහකය. එසේ තිබියදීත් රවි ශංකර් ඒ පුංචි කෙල්ලගේ උප්පැන්නය ඉදිරියෙන් තම වාසගම සමග ඉන්දියානු නමක් තැබීය ‘‘ ගීතාලී ශංකර් ‘‘
තම අමිමාගේ වාසගමත් ඇය දුන් නමත් එකතුකල විට ඒ කෙලි පොඩිත්තිව ලෝකය හැදින්වූයේ ගීතාලී නෝරා ඡෝන්ස් ශංකර් ලෙසය. තවත් වසර 6 කට පසු රවී ශංකර් ඒ ගැහැණියද සිය දියණියද අතහැර ඉංදියාවට නැවත ගොස් තිබිණි. සූ ඡෝන්ස් නැමති අමිමා තනිවම මේ පුංචි කෙල්ල ඇති දැඩි කල අතර සමාඡයට ඇගේ පියාව රහසක් ලෙස තබා ගැනීමට මහන්සි ගත්තාට සැක නැත. පියෙකුගේ සෙනෙහස නොමැතිව හැදෙන වැඩෙන තම දියණියට සූ ඡෝන්ස් ඉගැන්වූයේ සිත් හඩවන, සිත් කමිපාකරවන, භාවනාවකට කැදවා ගෙන යන රවි ශංකර්ගේ සිතාරය හා රාගධාරී සංගීතය නොව.සිත් නලවන, ප්‍රීතියෙන් මුසපත් කරවන පියානෝ වාදනය සහ ඡෑස් සංගීතයයි. ඒ දිරිය දියණිය ඒ සමගම ගායනයද ප්‍රගුන කලාය. මේ සියල්ලම ඔවුන් කලේ තනිවය. රවි ශංකර්ගෙන් ඉදහිට ලැබෙන දුරකථන ඇමතුමකට එහා දෙයක් ඔවුන් නොලැබීය. එහෙත් තම නම අගිස්සට තියෙන සිය පියාගේ වාසගම ඇයට බොහෝ අපවාදද ප්‍රශ්නද මතු කල බැවින් නෝරා ඡෝන්ස් සිය මවගේ කැමැත්ත ඇතිව උප්පැන්න සහතිකයෙන් ගීතාලී ශංකර් යන්න කපා හැරියාය. දැන් එය අතීතයට අයත් වුවත් අනාගතයට අයත් නොවන ප්‍රශ්නයකි
2002 ඇය සිය ප්‍රථම සංගීත ඇල්බමය වන Come Away With Me නිකුත් කලාය. එය සංගීකකරුවකුට හොද ආරම්භයක් ලබා දෙමින් බිල්බෝඩ් සංගීත දර්ශකයේ හොදම ගීත 100 අතර 30 වැනි තැනට පැමිණියේය. නෝරා 2003 දී
ලෝක සංගීඥයන්ගේ මහ ගෙදර නමින් හදුන්වන Grammy සමිමාන උළෙලේ එතෙක් ලෝකයේ සිටි සියලු සංගීතකරුවන් පරයමින් Grammy සමිමාන 05 ක් දිනාගත්තාය. එවිට ඇයට වයස 22 කි.
එම උළෙලේ සමිමාන අතට ගත් ඇය සිය මවට මුව නොසෑහෙන සේ ස්තුති කලාය. ඒ සමිමාන අයිති ඇයට බව කීවාය 
උළෙලින් පසුව දවසක The Guardian, සගරාව ඇගෙන් මෙසේ විමසා තිබිණි.
‘‘ ඔබ ඒ සමිමාන උළෙලදි ඔබේ පියාට ස්තුති නොකලේ ඇයි ? ‘‘
ඇගේ උත්තරය ක්ෂණිකය
‘‘මම මගේ තාත්තාට බොහෝ සේ ආදරය කළත්, මම ඔහු සමඟ ගත කළේ මගේ නව යොවුන් වියේ සුළු කොටසක් පමණයි. "ඔහු හෝ මා සමඟ මගේ සංගීතයට කිසිම සම්බන්ධයක් නැති නිසා ඔහු ගැන කතා කිරීමට මා කැමති නෑ"
එසේ වුවද ඇය තම පියාගේ දෙවැනි විවාහයේ දියනිය වූ අනුෂ්කා ශංකර් හා ශක්තිමත් බැදීමක සිටියාය.
නෝරා ඡොන්ස් නැවතත් 2005 දී ඇගේ"Here We Go Again" සදහා Grammy Awards ත්‍රිත්වයක් ලබා ගත්තාය එය ඇගේ 08 වැනි ග්‍රෑමී සමිමානයයි
අවසන් වරට ඇය Grammy Awards දිනාගත්තේ 2008 River: The Joni Letters නැමති ඇල්බමයටය එය වසරේ හොදම ගීත ඇල්බමය විය
නෝරා ගේ කීර්තිධර පියා රවි ශංකර් සංගීතකරුවන්ගේ මහ ගෙදර, ලෙස හදුන්වන Grammy Awards දිනා ඇත්තේ එක වරක් පමණි. ඇගේ ඉංදියානු සහෝදරිය අනුෂ්කා ෂංකර් Grammy Awards 06 ක් වරක් නාමයෝඡනා ලැබුවද එය දිනා ගත්තේ නැත. එහෙත් රවි ශංකර්ගේ නාමය සිය උප්පැන්න සහතිකයෙන් පවා කපා හල නීත්‍යකූල නොවන දියණියක් Grammy Awards 09 ක් දිනා ලොව පුරා ඇගේ ගී තැටි මිලියන 40 ද ඉක්මවමා විකුණමින් සිටී විශිෂ්ට නැද්ද?
නෝරා ඡෝන්ස් තමාට නීති්‍යානුකුල පියෙක් නොමැති නිසා බොහෝ විට හඩා වැටෙන්න ඇත. එබැවින් ඇය සිය පුද්ගලික ඡීවිතය සමාඡයට තවමත් දැඩි ලෙස සගවමින් සිටී ඇය විවාහකය එහෙත් ඇගේ සැමියාගේ නම කිසිවෙක් නොදනී එසේම ඇගේ දරුවන් දෙදෙනාගේ නමි පවා
මෙි වනවිට ඡීවිතයේ අවුරුදු 41 ක් ගෙවා ඇති නෝරා සිය නවතම ගී ඇල්බමය 2020 ඡුලි මස Pick Me Up Off the Floor.නමින් වෙළදපොලට මුදා හැරියාය.
, නෝරා ජෝන්ස් ඇගේ නවතම ඇල්බමය වන පික් මී අප් ඔෆ් ද ෆ්ලෝර් නිකුත් කිරීම සැමරීම සඳහා දුර්ලභ සම්මුඛ සාකච්ඡාවක් Today show වෙත ලබා දුන්නීය. එහි මාධ්‍යවිදියා වු Brooke Boney ඇගෙන් මෙසේ ඇසීය.
‘‘ දරුවන් සිටින මවක් ආදරය ප්‍රේමය ගැන ගැයීම පිලිබදව ඔබ මොකද හිතන්නෙ ? ‘‘
‘‘මවක් වීම මට සංගීතයෙන් කිසිවක් වෙනස් වී ඇති බවක් හැඟෙන්නේ නැත, නමුත් එය සමහර ආදර ගීත අසන ආකාරය වෙනස් කරයි.‘‘

සටහන : උපාලි ජයසිංහ

Back to top
Go to bottom

Popular News