lan englan tam

පුවත්

කිවිඳියක කළ ස්ත්‍රීත්වයේ අත්දැකීම් ප්‍රතිනිර්මාණය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඇත්තටම අපි රෑට කන්නෙ මොනවද!.......

තනුජා ලුමිබිණි තඹවිටගේ අලුත් කවි පොත , ස්ත්‍රිය විෂය කරගත්තු තේමා බහුල තැනක්.
එක්විදිහකින් කිවිඳියක් ස්ත්‍රීත්වය ආශ්‍රිත අද්දැකීම් ප්‍රතිනිර්මාණය කරන්නෙ කොහොමද කියන එක අධ්‍යයනයට උපකාරවන කවි පොතක්.
කවි පොතේ නම :
පොත කියවන්න පිටු පෙරළන්නත් කලින් සහෘදයාගේ හිත නතර වෙන නමක් පොතට තියෙනවා. හිතන්න යමක් මාතෘකාව ඇතුළෙම ගොඩනගන එක අපූර්ව නිර්මාණාත්මක අත්හදා බැලීමක්.
ඇත්තටම ගැහැනුන්ට හිතන්න තියෙන්නෙ රෑට කන්නෙ, උයන්නෙ මොනවද වගේ ප්‍රශ්න විතරක්ද ඊට වඩා දාර්ශනික දේවල් ගැහැනුන්ට හිතන්න ඉඩක් නැද්ද කියන ධ්වනිතාර්ථය මාතෘකාව ඇතුළෙම ගැබ්වෙලා තියෙනවා. ඒ වගේ ක්ෂද්‍ර ගැටලුවල ගැහැනුන්ව හිරකිරීම ඇතුළේ තියෙන ඊනියා සංස්කෘතික ආධිපත්‍යය පොත ඇතුළෙ තියෙන කවිවල අපූරුවට ප්‍රශ්න කරනවා.
🌟සුලබ අත්දැකීම් දුලබාකාරයෙන් ඉදිරිපත් කිරීම
🌟නව්‍ය භාෂාත්මක හා ආකෘතික අත්හදා බැලීම්
🌟සරල ප්‍රස්තුත ඔස්සේ සංකීර්ණ ධර්මතා විවරණය
වගේ සුවිශේෂ ලක්ෂණ තනූජගේ කවි ඇතුළෙ තියෙනවා
අම්මා සහ මම (පි.අ 09)
ලෝකෙ ඉන්න හොඳම තාත්තා ඉන්නෙ මගෙ දුවට (පි.අ 44 - 45)
ඇහෙනවද ඔයාට (පි.අ 56 -57)
Rinbow baby (පි.අ 51)
මගේ සිත ගත්ත කවි කීපයක්.
ඇත්තටම අපි රෑට කන්නෙ මොනවද? ප්‍රශ්නයට වඩා ඇත්තටම අපි ලියන්න ඕනෙ මොනවද? කියවන්න ඕනෙ මොනවද? හිතන්න ඕනේ මොනවද? කියන දෙය මේ පොතේ සෞන්දර්යාත්ම පරිකල්පනය තුළ තනූජා වක්‍රව අපට පෙන්නලා දෙනවා.
සුබ පැතුම් තනූජා ලුම්බිණි ❤️

හසිනි එරාධිනී

Back to top
Go to bottom

Popular News