මම හිතන්නේ නැහැ කිසිම බුද්ධිමත් ශ්‍රී ලාංකිකයෙක් මේ ජනවාර්ගික අර්බුදය කරේ තියාගෙන ඒවා මත්තේම යැපෙනවා කියලා.
මේක ඉතාම සුළු පිරිසකගේ අවශ්‍යතාවයක්.
රට තුළ සමගිය කඩලා වෙන වෙන පැතිවලට මේ රට යොමු කරන එක.
හැබැයි එහෙම වුනොත් වෙන්නේ තමන්ගේ ගෙදර උළු කැට ටික තමන්ම කඩාගෙන වැස්ස වහිනකොට ඔක්කොටම එකට තෙමෙන්න.
මම හොඳාකාරවම දන්නවා ශ්‍රී ලාංකික ජනතාව නැවත අරගලයකට යන්නේ නැහැ.