lan englan tam

Minestrone Soup

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුප් ලෝකයේ ඉතා ජනප‍්‍රියම ආහාරයක්. බොහෝ විදේශිකයින් ඔවුන්ගේ ප‍්‍රධාන ආහාරයට කලින් සුප් එකක් රස විඳිනවා බොහෝ විට ඔබ දැක ඇති. එහෙත් අපේ රටේ නම් සුප් කීවොත් හුඟක් දෙනෙකුගේ මතකයට එන්නේ සුප් වර්ග කිහිපයක් පමණයි. ඒ අතරින් එළව`ඵ සුප්, චිකන් සුප්, බඩ ඉරිඟු සුප් කා අතරත් ජනප‍්‍රියයි. එහෙත්් විදෙස් රටවල විවිධ ක‍්‍රමවලට සාදන විවිධ රසවත් සුප් වර්ග ගණනාවක් තිබෙනවා. විශේෂයෙන් සිරුරේ තරබාරු බව අඩුකරගන්න උත්සහ කරන අයටත් සුප් කියන්නේ ගුණාත්මක ආහාරයක්.  

(Minestrone Soup)

අවශ්‍ය ද්‍රව්‍ය

ලූනු ග‍්‍රෑම් 350 ක්
ලීක්ස් ග‍්‍රෑම් 350 ක්
කැරට් ග‍්‍රෑම් 350 ක්
සැල්දරි ග‍්‍රෑම් 350 ක්
අල ග‍්‍රෑම් 350 ක්
බෝංචි ග‍්‍රෑම් 350 ක්
ගෝවා ග‍්‍රෑම් 350 ක්
ග‍්‍රීන්පීස්  ග‍්‍රෑම් 25
බටර් ග‍්‍රෑම් 50 ක්
වයිට් ස්ටොක් හෝ වතුර
ස්පැගටි ග‍්‍රෑම් 25 ක්
ටොමොටො පියුරි මේස හැඳි 3 ක්

සාදාගන්නා ආකාරය

එළවළු කොටු හැඩයට කපාගන්න. භාජනයක් ලිප තබා එයට බටර් දමා රත්වන විට එයට කොටු හැඩයට කැපූ සියලූම එළවඵ ටික එකතු කරන්න. ඉන්පසු එයට තක්කාලි සෝස් දමා වතුර එකතු කර මඳ වේලාවක් පිසගන්න. ඉන්පසු එයට ස්පැගටි එක්කර විනාඩි 10 ක් පමණ බොයිල් කර මඳගින්නේ පිසගන්න. ඉන්පසු එයට අවශ්‍ය පමණ ලූණු දමා උණු උණුවෙන් මේසයට පිළිගන්වන්න. 

 සිරිකත

Back to top
Go to bottom

Popular News