lan englan tam

පුවත්

බොලිවුඩයේ 70 දශකයේ නිළි රැජින උපන්දිනය සමරයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඩොන්, ධරම් වීර්, කුර්බානි, සත්‍යම් ශිවම් සුන්දරම් යනාදී චිත්‍රපට ගණනක් මගින් ඉන්දියාවේ සිනමාව ලෝක තලයේදී අමතක නොවන එකක් බවට පත් කළ බොලිවුඩයේ ප්‍රවීණ නිළි සීනත් අමාන් සිය 72 වැනි උපන්දිනය ඊයේ (19) සැමරුවාය.

70 දශකයේ රැජින යනුවෙන් හැඳින්වූ ඇය ඉන්දියානු රූ රැජිණක්ද වන්නීය.
ආපසු හැරී බලන ඇගේ ජීවිතයේ පසුතැවිල්ලක් නොවන බවත් උපන්දිනයට සුබ පැතූ සැමගෙන් කියවෙන්නේ තමන් තවමත් නොසලකා හරිනු නොලැබ ඇති චරිතයක් වන බවත්ය. සැමට පරිණත මහලු විය දක්වා ජීවත් වීමට සහ පසුතැවීමකින් තොරව සහ කරුණාවෙන් ගෙවී ගිය දශක දෙස ආපසු හැරී බැලීමට හැකි වේවායිද ඇය ප්‍රාර්ථනා කර තිබුණාය.
ශිම්ලාහිදී ඇය සිය උපන්දිනය සමරා තිබිණි.
සීනත් අමාන් බොලිවුඩයේ අතීතය වර්ණවත් කළාක් මෙන්ම මෑත කාලයේදීද නවක රංගන ශිල්පීන්ට හා ශිල්පිනියන්ට ආදරයෙන් ආශිර්වාද කරන ස්වාධීන මත දරණ නිළියක් වන්නීය.

Back to top
Go to bottom

Popular News