lan englan tam

පුවත්

කැමති රස්සාව කරගෙන කැමති විදිහට ජීවත් වීමට රටේ තත්ත්වයෙන් ඉඩක් නෑ; මනෝජා ප්‍රනාන්දු 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'සිදාදියේ සමනලියෝ' ටෙලි නාට්‍යයෙන් මේ දිනවල ජනප්‍රිය වී තිබෙන නිළි මනෝජා ප්‍රනාන්දු ඊයේ (25) ජාතික ජනබල වේගයේ දේශපාලන වේදිකාවේ පෙනී සිටිමින් 'ගැහැනු අපි එක මිටකට' ජන රැළිය ඇමතුවාය. 

දේශපාලනය තමන් සොයා එනු ඇතැයි නොසිතූ නමුදු එය මේ වන විට කලාවට පවා පැමිණ ඇත්තේ රට තුළ පවතින පොදු අර්බුදකාරී වටපිටාව හේතුවෙන් යැයි ඇය එහිදී පරකාශ කළාය. 
 
"මම හිතාගෙන හිටියා මම මේ කැමති රස්සාව කරගෙන කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන් කියලා. නමුත්, පහුගිය කාලේ මම අත්වින්ද දේවල් එක්ක මම තේරුම්ගත්තා අපි කැමති විදිහට ජීවත් වෙන්න බෑ.පෙට්‍රල් පෝලිම්වල මිනිස්සු මැරිලා වැටෙද්දී, බෙහෙත් විස වෙලා මිනිස්සු මැරෙද්දී, මානව හිමිකම්, නීතිය තුට්ටු දෙකට වැටෙද්දී කොටින්ම ප්‍රජාතන්ත්‍රවාදය වචනය විහිළුවක් වෙනකොට මම තේරුම්ගත්තා දේශපාලනයට අප මැදිහත් වුණේ නැත්නම් එය අපේ ජීවිතයට, කුස්සියට සහ අපේ කලාවට හැමදේටම ඇතුළත් වෙනවා. වර්තමානයේ වෙලා තියෙන්නේ ඒක. අප ඉන්නේ අනාරක්ෂිත වටපිටාවක." යයි මනෝජා ප්‍රනාන්දු ප්‍රකාශ කළාය.
Back to top
Go to bottom

Popular News